1722 දී මොරේවියානු කිතුණුවන් කණ්ඩායමක් දැනට චෙක් සමූහාණ්ඩුව ලෙස සැළකෙන පළාතේ ජීවත් වූහ. පීඩාව නිසා ඔවුහු සරණ සොයා ගියෝය. ඒ ජර්මානු දානපතියෙකුගේ වත්තකටය. වසර හතරක් තුළදී 300 ක් පමණ එහි ආවෝය. පීඩා විඳි සරණාගතයින්ට යහපත් සමූහනයකට වඩා එය බෙදීම් වල ස්ථානයක් බවට පත්විය. විවිධ කිතුණු මත එයට හේතු විය. නමුත් ඊළඟට ඔවුන් කළ දෙය ඉතා කුඩා දෙයක් ලෙස පෙනුනත් ඉන් විශාල පිබිදීමක් හට ගත්තේය. ඔවුන් එකඟවූ කාරණා ගැන මිස එකඟ නොවූ කාරණා ගැන අවධානය යොමු නොකිරීමට පටන් ගත්හ. ප්‍රතිඵලය වූයේ එක්සත්කමය.

අපෝස්තලු පාවුල් දැඩිව එපීස ඇදහිලිවතුන් දිරිමත් කළේ එක්සත්කමින් ජීවත් වීමටය. පාපය සෑම විට කරදරද ආත්මාර්ථකාමී අදහස්ද සම්බන්ධතා ගැටුම්ද ගෙන එනු ඇත. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත්වන අය ලෙස එපීසවරුන්ට තම නව අනන්‍යතාවය තුළ ප්‍රායෝගික ජීවත් වීමට අණ ලැබුණි (එපීස 5:2). ප්‍රථමයෙන්ඔවුන්
“සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම් පවත්වාගන්ට උත්සාහ” දැරිය යුතුය (4:3).

මේ එක්සත්කම මනුෂ්‍ය ශක්තියෙන් ලබන සරළ සහෝදරත්වය නොවේ. අප “සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා” (4:2) ක්‍රියා කළ යුතු වේ. මනුෂ්‍ය ආකාරයෙන් මේ විධියට ක්‍රියා කිරීම කිසිසේත් කළ නොහැකිය. අපගේ බලයෙන් එක්සත්කම රැකිය නොහැකිය. නමුත් අප තුළ ක්‍රියාකරන දෙවියන්වහන්සේගේ සම්පූර්ණ බලයෙන් කළ හැකිය (3:20).