මා කුඩා කල මතකයන්ගෙන් එකක් නම් සභාපාලක වරයෙකු සභාවේ මැදි මගේ එහා මෙහා යමින් “බව්තිස්මයේ ජලය අමතක කරන්න එපා” යනුවෙන් කීමය. ජලය අමතක කරන්න එපා? කෙනෙක් ජලය මතක තබා ගන්නේ කෙසේද? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ඔහු ජලය ගෙන සියල්ලන්ට ඉසීය. කුඩා දරුවෙක් ලෙස එය මහත් විනෝදයක් වුනි. එසේම වියවුල්ද වුනෙමි.

අප බව්තිස්මය ගැන සිතිය යුත්තේ ඇයි? පුද්ගලයෙකු බව්තිස්ම වූ විට ජලයට වඩා මහත් දෙයක් එහි තිබේ. බව්තිස්මයෙන් පෙන්නුම් කරන්නේ අප ඇදහිල්ලෙන් උන්වහන්සේව පැළඳ සිටින බවය (ගලාති 3:27). වෙනත් වචන වලින් අපි උන්වහන්සේට අයිති බවත් උන්වහන්සේ අප තුළ සහ අප තුළින් ජීවත්වන බවත්ය.

එම වැදගත්කම ප්‍රමාණවත් නැත්නම් එම ඡේදය අපට කියන්න් අප උන්වහන්සේ පැළඳ සිටී නම් අපගේ අනන්‍යතාවය උන්වහන්සේ තුළ බවය. අප දෙවියන්වහන්සේගේම දරුවෝය (26 පදය). ඒ හෙයින් අප දෙවියන්වහන්සේ සමග ඇදහිල්ලෙන් නිවැරදි කර තිබේ. ඒ පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව රැකීමෙන් නොවේ (23-25 පද). ලිංග, සංස්කෘතික සහ තත්ත්වයන් නිසා අපි එකිනෙකාගෙන් වෙන්වී නොසිටිමු. අප නිදහස්ය. ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපව එක්සත්කමට ගෙනැවිත් තිබේ. අප උන්වහන්සේගේය (29 පදය).

එහෙයින් බව්තිස්මය සහ එය නියෝජනය කරන සියල්ල මතක තබාගැනීමට බොහෝ හේතු ඇත්තේය. අප අවධානය යොමු කරන්නේ එම ක්‍රියාව දෙස පමණක් නොවේ. අප යේසුස්වහන්සේට අයිති බවත් දෙවියන්වහන්සේගේ දරුවන් වී ඇති බවත් යන්නටය. අපගේ අනන්‍යතාවය, අනාගතය සහ ආත්මික නිදහස උන්වහන්සේ තුළ හමුවේ.