ඇලී හුරුබුහුටී දක්‍ෂ දැරියක් වූවාය. ඇයගේ දෙමව්පියන් ඇයට ඉතා ප්‍රේම කළහ. නමුත් උසස් පාසැලෙන් පසු හෙරොයින් ගැනීමට ඇය තුළ පෙළඹවීමක් ඇති විය. ඇයගේ වෙනස්කම් තේරුම්ගත් දෙමව්පියෝ ඇයව පුනරුත්ථාපනයට යැව්වේ ඇලී එහි බලපෑම් පිළිගත් පසුවය. ප්‍රතිකාර වලින් පසු හෙරොයින් ගැනීම ගැන ඇය ඇගේ මිතුරන්ට කියන්නේ කුමක්දැයි ඇගෙන් අසන ලදී. ඇය අවවාද කරන්නේ “හැරී දුවන්න” කියාය. “නැහැ යයි කීම ප්‍රමාණවත් නැත” කියා ඇය කීවාය.

කණගාටුවට කරුණක් නම් ඇය නැවත මත්ද්‍රව්‍යවලට වැටීමය. මත්ද්‍රව්‍ය එක වර වැඩි ප්‍රමාණයක් ගැනීම හේතුවෙන් වයස 22 දී ඇය මිය ගියාය. එම ඉරණමට අන් අය ගොදුරුවීම වළක්වා ලන්නට සිත් බිදී ගිය ඇලීගේ දෙමව්පියන් ප්‍රවෘත්ති වැඩසටහනකට සහභාගි වූහ. ඔව්හු අසන්නන්ට පැවසුවේ “ඇලී වෙනුවෙන් දුවමු” කියාය. ඒ මත්ද්‍රව්‍ය සහ අනිකුත් භයානකකම් ඇති ස්ථාන වලින් ඉවත්ව සිටීමටය.

අපෝස්තලු පාවුල් තම ආත්මික පුත්‍රයා වන තිමෝතිට (සහ අපට) කියන්නේ නපුරෙන් පළා දිවීමටය (2 තිමෝති 2:22). පේත්‍රෑස්ද අනතුරු අඟවන්නේ “සිහි ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්‍ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය” (1 පේත්‍රෑස් 5:8-9) යනුවෙනි.

අප කිසි කෙනෙකු පරීක්‍ෂාවට බඳුන් නොවී නොසිටිමු. හොඳම දෙය පරීක්‍ෂාවට ඇති ස්ථාන මග හැරීමය. ඒවා මග හැරීමට නොහැකි වේලාවල්ද තිබිය හැකිය. බයිබලය පදනම්කර ගත් දැඩි ඇදහිල්ලක් සහ යාච්ඤාවෙන් ශක්තිමත්ව සිටීමෙන් අපට හොඳින් සුදානම්ව සිටිය හැකිය. අපි ඇදහිල්ලේ ස්ථිරව සිටින විට හැරී උන්වහන්සේ වෙත දිවිය යුතු වේලාව අපි දැන ගන්නෙමු.