ඉතා අසීරු ශීත සෘතුවක එමා බොහෝ කාලයක් රෝගාතුරව සිටි පවුලේ ඥාතියෙකු බලා ගත්තාය. ඉන්පසු පැමිණි වසන්ත සෘතුවේ එංගලන්තයේ කේම්බි්‍රජ් නගරයේ ඇය එක් චෙරී ගසක් යටින් යන විට ඇයට යම් ධෛර්යයක් ලැබුණි. රෝසමල් පොකුරුවලට ඉහළින් සුදු මල් පොකුරු පැන නැග අලංකාර දර්ශණයක් ගෙන ආවේය. දක්‍ෂ වතු බලා ගන්නෙක් ගසට සුදු මල් අත්තක් බද්ධ කර තිබුණි. එම අසාමාන්‍ය ගස යටින් යන විට එමාට කල්පනා වූයේ තමන් වැල බවත් අතු උන්වහන්සේගේ අනුගාමිකයන් බවත් කියන යේසුස්වහන්සේගේ වචනය (යොහන් 15:1-8).

තමන් මිදී වැල බව පවසමින් යේසුස්වහන්සේ පරණ ගිවිසුම් කාලයේ ඉශ්‍රායෙල්වරුන්ට සුපුරුදු රූපකයක් ඉදිරිපත් කළ සේක. එහි මිදීවැල සංකේතවත් කළේ දෙවියන්වහන්සේගේ සෙනගවයි (ගීතාවලිය 80:8-9; හොෂියා 10:1). යේසුස්වහන්සේ මෙම රූපකය තමන්ට අදාල කරගත් සේක. උන්වහන්සේ කීවේ තමන් මිදීවැල බවත් අනුගාමිකයන් තමන්ට බද්ධවී ඇති බවත්ය. ඔවුන් උන්වහන්සේට බද්ධවී උන්වහන්සේගේ පේෂණය සහ ශක්තිය ලබා ගන්නා විට ඔවුන් ඵල දරනු ඇත (යොහන් 15:5).

එමා තම පවුලේ සාමාජිකයාට උපකාර කරන විට ඇය යේසුස්වහන්සේට බද්ධ වී ඇති බව සිහිපත් කර ගැනීමට ඇයට අවශ්‍ය වුවාය. රෝසමල් මධ්‍යයෙහි සුදු මල් දකින විට ඇය වැලේ සිටින්නේය යන සත්‍යය ගැන දර්ශනයක් ඇයට ලැබුණි. ඇය උන්වහන්සේගෙන් පෝෂණය ලබා ගත්තාය.

යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අපි වැලකට අත්තක් මෙන් සමීපවී ඇති බව දැනගත් විට අපගේ ඇදහිල්ල ශක්තිමත් වී පෝෂණය වේ.