සංගීත ලෝකයේ ඇන්ටෝනියෝ ස්ට්‍රාඩිවාරි (1644 සිට 1737) තරුවක් ලෙස සැලකේ. ඔහුගේ වයලීන, කුඩා වීණා සහ වයෝලා යනාදියෙහි නිර්මාණ ශිල්පය සහ ශබ්ද පැහැදිළි භාවය නිසා ඉතා වටීන්නේය. ඒවා එකින් එකට ඒවාට ආවේනික නම් තබා තිබේ. ඉන් එකක් මෙසියා සලාබු ස්ට්‍රාඩිවාරියස්ය. වීණා ශිල්පී ජෝසෙප් ජෝකිම් (1831-1907) එය වාදනය කළ පසු ඔහු ලීවේ “ස්ට්‍රඞ්හි ශබ්දය අසම සමය. මෙසී මාගේ මතකයට නැවත නැවත එන්නේය. ඒ එහි මිහිරිභාවය සහ තේජස්භාාවය සමගය” යනුවෙනි.

ස්ට්‍රාඩිවාරියන් නාමය සහ ශබ්දය කෙසේ වෙතත් ඊට වඩා ශ්‍රේෂ්ඨ මූලාශ්‍රයකට එය සමාන කිරීම සුදුසු නැත්තේය. මෝසෙස්ගේ සිට යේසුස්වහන්සේ දක්වා සැමටම උසස් නාමයෙන් උන්වහන්සේව හඳුන්වා දුන් සේක. අප නිසා උන්වහන්සේගේ ප්‍රඥාව සහ අත්වල වැඩය හඳුනා ගැනීමටද වටීනාකමක් දීමටද සංගීතයෙන් එය සැමරීමටද උන්වහන්සේට අවශ්‍ය වන සේක (නික්මයාම 6:1; 15:1-2).

එහෙත් කරදරයේ සිටි සෙනගකගේ කෙඳිරිලි හඬට පිළිතුරක් ලෙස ලැබූ මෙම ශක්තියේ මිදීම ආරම්භයක් පමණී. කුරුසපත් කරන ලද දුර්වල දෑතින් උන්වහන්සේ සදාකාලික අපරිමිත වටිනාකමකින් යුත් උරුමයක් තබනු ඇත කියා දුරදී දැකිය හැකි වූයේ කාටද? උන්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කරනවාද කියා පෙන්වීමට නින්දාවද අපගේ පාප සහ ප්‍රතික්‍ෂේපයන්ද දරා ගනිමින් මැරුණාවූ අයෙක් පැසසීම පිණිස ගායනා කරන ලද සංගීතයක ප්‍රතිඵලය වන විශ්මය සහ විභූතිය ගැන කිව හැකි වූයේ කාටද?