“ඔබව ශිෂ්‍ය හුවමාරුවකට තෝරා ගෙන තිබෙනවා”. මට එකල වයස දහ හතකි. ජර්මනියේ ඉගෙනීමට අවස්ථාවක් ලැබීම ගැන මම අමන්දානන්දයට පත් වීමි. නමුත් මට යාමට තිබුණේ මාස තුනක් පමණි. මම කිසි දිනෙක ජර්මන් භාෂාව ඉගෙන ගෙන තිබුණේ නැත. ඊළඟ සති කිහිපයේදී මම උදේ සවස පැය ගණන් ජර්මන් භාෂාව ඉගෙන ගත්තෙමි. කටපාඩම් කරන පිණිස වචන මාගේ අල්ලේද ලියා ගතිමි.

මාස කිහිපයකට පසු මම ජර්මනියේ පංතියක සිටියෙමි. භාෂාව වැඩිපුර නොදත් නිසා මට අසහනයක් දැණුනි. එදින ගුරුවරයෙක් මට හොඳ උපදෙසක් දුන්නේය. “භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ වැලි කන්දක නගිනවා වාගේ. ඔබට සමහර විට හිතෙන්නේ ඔබ එක තැන අවිදිනවා කියායි. නමුත් දිගටම කරන්න. ඔබට පුළුවන්”.

සමහර විට යේසුස්වහන්සේගේ අනුගාමිකයෙක් ලෙස වර්ධනය වීමේදීත් මට එයම සිතේ. අපෝස්තලු පාවුල් මතක් කරන්නේ “මා සෑම සහ ඕනෑම අවස්ථාවක සැහීමට පත්වීමට ඇති රහස ඉගෙන ගතිමි” යනුවෙනි. පාවුල්ගේ පුද්ගලික සාමය ඔහුට එක් දිනකින් ලැබුණේ නැත. ඒ ඔහු තුළ වර්ධනය වූ දෙයකි. පාවුල් තම වර්ධනයේ රහස කියයි. “මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කළ හැකිය” (පිලිප්පි 4:12-13).

ජීවිතයේ අභියෝග තිබේ. නමුත් අප “ලෝකය ජයගත් තැනැත්තාණන්” (යොහන් 15:33) වෙත හැරෙන විට අප සොයා ගන්නේ අපව ඉදිරියට ගෙන යාමට උන්වහන්සේ විශ්වාසවන්ත බවත් උන්වහන්සේට සමීපව සිටිනවාට වඩා තවත් දෙයක් නැති බවත්ය. උන්වහන්සේ තම සමාදානය අපට දෙන සේක.