අපගේ නමස්කාර සේවක පෝල් බෝට්ටු අනතුරකින් වයස 31 දී මිය ගියේය. එය අපට ඉතා වේදනාකාරී විය. පෝල් සහ ඔහුගේ භාර්යාව වන ඩූරොන්ඩා වේදනාවට අමුත්තන් නොවේ. වයස සම්පූර්ණ නොකළ දරුවන් බොහෝ දෙනෙක් ඔවූහු මිහිදන් කළහ. මෙම කුඩා අයගේ වළවල් අසල තවත් එකක් තිබෙනු ඇත. ජීවිතය පොඩිකර දමන මෙම ඛේදවාචකය ඔවුන් අවට සිටි අයගේ හිසට පොල්ලෙන් ගැසුවාක් මෙන් විය.

දාවිත්ද පුද්ගලික සහ පවුලේ ඛේදවාචකයන්ට අමුත්තෙක් නොවීය. තම පුත් අබ්සලොම්ගේ කැරැල්ල ඔහුට දරා ගැනීමට නොහැකි විය. නැවතී සටන් කරනවා වෙනුවට ඔහු තම නිවස සහ සිහසුන හැර දමා පැන ගියේය (2 සාමුවෙල් 15:13-23). බොහෝ අය දෙවියන්වහන්සේ ඔහුව අත්හැර දැමී යයි සිතුවත් (ගීතාවලිය 3:2) දාවිත් උන්වහන්සේව හොඳින් දැන සිටියේය. ඔහු උන්වහන්සේව දුටුවේ තම රැකවලා ලෙසටය (3 පදය). එසේම ඔහු ඒ අනුව උන්වහන්සේට හඬ ගැසුවේය (3 පදය). ඩූරොන්ඩාද එසේ කළාය. වේදනාව මධ්‍යයෙහි, සිය ගණනක් ඇයගේ සැමියා සිහි කිරීමට රැස්ව සිටින විට ඇය තම කටහඬ අවදි කළාය. දෙවියන්වහන්සේ කෙරෙහි ස්ථිරතාවයක් දනවන ගීයක් සිහින් හඬින් ඇය ගායනා කළාය.

වෛද්‍යවරුන්ගේ වාර්තා එතරම් සතුටුදායක නොවන විට, මූල්‍ය ගැටළු ලිහිල් නොවන විට, සම්බන්ධතා සමගි කිරීම මග හැරෙන විට, අප ආශා කරන අය මරණයට හසුවී අප දමා යන විට, අප ශක්තිමත්වී “ස්වාමිනී, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වේ” (3 පදය) කියා කීමට අපට හැකිවේවා.