පගේ බල්ලා වන රූපට් කුඩා කාලයේ පිටතට යාමට ඉතා බිය විය. මම ඌ ඇදගෙන උද්‍යානයට යමි. දිනක් අඥානවන්ත ලෙස මම උගේ දම්වැල ගැලවීමි. රූපට් උගේ රැකවරණ ස්ථානය වන ගෙදරටම දිවීය.

ඒ අත්දැකීම මට සිහිපත් කළේ ගුවන් යානයකදී මට මුණ ගැසුණු මනුෂ්‍යයෙකි. අපගේ ගුවන් යානය ආරම්භ කළ විට ඔහු මාගෙන් සමාව ඉල්ලීය. “මම ගමන අතරතුර වෙරි වේවි” ඔහු කීවේය. “මම හිතන්නේ ඔබ එයට අකමැති බවයි” මම කීවෙමි. “ඔව්. නමුත් මම ඒකට නැවත නැවත දුවනවා”. ඔහු වෙරි විය. ඊටත් වඩා දුක්බර කොටස වූයේ ඔහු බැස ගත් පසු ඔහුගේ භාර්්‍යයාව ඔහුව වැළඳ ගෙන ඔහුගේ හුස්ම ආඝ්‍රාහණය කිරීමෙන් පසුව ඔහුව තල්ලු කර දැමීමය. ඔහුගේ රැකවරණය වූයේ බීමය. නමුත් එය මොන ආකාරයෙන්වත් රැකවරණ ස්ථානයක් නොවේ.

යේසුස්වහන්සේ තම සේවය ආරම්භ කළේ “දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලි වී භුභාරංචීය අදහාගන්න” (මාර්ක් 1:15) කියමිනි. පසුතැවිලි වන්න යනු මග පසුපසට වෙනස් කරන්න යන්නය. අපව හසුකර ගන්නා ස්ථානවලට නැවත නොයා හෝ බියෙන් සහ ඇබ්බැහිවීම්වලින් පාලනය නොවී යේසුස්වහන්සේ කියන ලෙස දෙවියන්වහන්සේගෙන් පාලනය වීමය. උන්වහන්සේ අපව නව ජීවිතයකට සහ නිදහසකට යොමු කරන සේක.

අද රූපට් උද්‍යානයට දිව යන්නේ ප්‍රීිතියෙන් බුරමිනි. ගුවන් යානයේ සිටි මිනිසාද ඔහුගේ ව්‍යාජ රැකවරණය අත් හැර ප්‍රීතිය සහ නිදහස ලබනු ඇතැයි මම යාච්ඤා කරමි.