ඩෙස්මන්ඞ් ඩොස්ව දෙවන ලෝක මහා යුද්ධයට බඳවා ගැණුනේ සටන් කරන්නෙකු ලෙස නොවේ. ඔහුගේ ආගමික විශ්වාසයන් තුවක්කුවක් ගෙන යාමෙන් ඔහුව වැළැක්වීය. ඩොස් යුද්ධ වෛද්‍ය සහායකයෙකු ලෙස හොඳින් සේවය කළේය. එක් සටනකදී අධික වෙඩි තැබීම් මධ්‍යයෙහි ඔහු තුවාල වූ සොල්දාදුවන් 75 ස් දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයකට ගෙන ගියේය. ඔහුගේ කථාව “හෘද සාක්‍ෂියට එකඟව ප්‍රතික්‍ෂේප කරන්නා” යන කෙටි චිත්‍රපටියේ සඳහන් වේ. එසේම “හැක්සෝ රිජ්” යන චිත්‍රපටියේද රඟ දැක්වේ.

කිතුණු ඇදහිල්ලේ බඳවා ගැනීමේ ලැයිස්තුවේ එවැනි දිරිමත් චරිතයන් වන ආබ්‍රහම්, මෝසෙස්, දාවිත්, එලියා, පේත්‍රෑස් සහ පාවුල් ඇතුළත් වේ. එසේම සමහර අප්‍රසිද්ධ වීරයන් වන අරිමාතියේ යෝසෙප් සහ නිකෝදේමුස්ද එයට ඇතුළත් වේ. යුදෙව් නායකයන් සමග තිබූ හොඳ හිත අවදානමට ලක් කරමින් ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය රැගෙන ඊට යහපත් තැන්පත් කිරීමක් ලබා දුන්නෝය (හොහන් 19:40-42). මෙය යේසුස්වහන්සේගේ රහස් බියගුළු ගෝලයෙකු වූ අයෙකුගේ සහ රාත්‍රීයේ පමණක් යේසුස්වහන්සේ හමුවීමට පැමිණි නිකොදේමුස්ගේ වීර ක්‍රියාවකි (38-39 පද). ඊටත් වඩා සිත් ඇදගන්නා දෙයක් නම් යේසුස්වහන්සේ ජයග්‍රාහීව මරණින් උත්ථානවීමටත් පෙර ඔව්හු ඇදහිල්ලේ ස්ථාවරත්වය ගැනීමය. ඒ ඇයි?

සමහර විට යේසුස්වහන්සේ මියගිය ක්‍රමය සහ ඒ සමග ඇතිවූ සමහර සිද්ධින් (මතෙව් 27:50-54) මෙම බියසුළු ඇදහිලිවතුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න ඇති. නැතිනම් මනුෂ්‍යයා තමන්ට කරන්නේ කුමක්ද යන්න නොව දෙවියන්වහන්සේ කව්ද යන්න ගැන තම අවධානය යොමු කරන්න ඇති. ජ්වලිතය කුමක් වුවද අප ඔවුන්ගේ ආදර්ශය අනුගමණය කරමු. අපගේ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ අවදානම අන් අය වෙනුවෙන් අපි ගනිමු.