ටිම් මැක්ග්‍රෝව්ගේ “ඔබ මිය යන්නන් මෙන් ජීවත්වන්න” යන ගීතය තුළින් මම ජ්වලිත වුනෙමි. එහි ඔහු මිනිසෙකු ඔහුගේ සෞඛ්‍යය ගැන නරක ආරංචියක් ලැබුණු විට කරන දේවල ලැයිස්තුවක් ඉදිරිපත් කරයි. එම මිනිසා නිදහසේ ප්‍රේම කිරීමටද සමාව දීමටද පෙළඹේ. සෙනගට වඩා මෘදු ලෙස කථා කරයි. ගීතයෙන් අපට කියන්නේ අපගේ ජීවිත ඉක්මණින් අවසන් වන බව දැන අපි හොඳින් ජීවත් වෙමු කියාය.

මේ ගීතය අද කළ හැකි දෙය හෙටට කල් නොදැමීම වැදගත් බව කියයි. ඊට හේතුව එක් දිනකදී අපට හෙටක් කියා දවසක් සැති වන බැවිනි. මෙය යේසුස්වහන්සේගේ අනුගාමිකයන්ට ඉතා වැදගත් වේ. යේසුස් වහන්සේ ඕනෑම මොහොතක පැමිණෙන බව අපි විශ්වාස කරමු. (මෙම වාක්‍ය කියවන මොහොතේ හෝ විය හැකිය). යේසුස්වහන්සේ අපව උනන්දු කරන්නේ නිතර සුදානම්ව සිටින ලෙසය. මනාලයා එන විට සුදානම්වී නොසිටී අඥාන කන්‍යාවන් ලෙස නොවෙමු (මතෙව් 25:6-10).

නමුත් මැක්ග්‍රෝව්ගේ ගීතය මුළු කථාවම අපට කියන්නේ නැත. යේසුස්වහන්සේ දන්නා අපට හෙටක් නැති නොවේ. “යේසුස්වහන්සේ : නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජිවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි ඇදහන්නේද ඔහු කිසිකලෙකත් නොනසින්නේය” (යොහන් 11:25-26) යයි කී සේක. උන්වහන්සේ තුළ අපගේ ජිවිතය කිසි දිනෙක අවසන් නොවේ.

ඒහෙයින් ඔබ මිය යනවා මෙන් ජීවත් නොවන්න. ඊට හේතුව ඔබට එසේ වන්නේ නැත. ඒ වෙනුවට යේසුස් වහන්සේ එනවා යයි සිතා ජීවත්වන්න. උන්වහන්සේ එන සේක.