උතුරු එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ නීලවර්ණ කඳුවැටිය දෙස බැලු විට එහි ගල් වැටවල් අතර සිටින බැටළුවන් මට පෙණුනි. වලාකුල් පොදි පොදි දීප්තිමත් ආකාශය හරහා දිව යයි. මම ගැඹුරු හුස්මක් ගෙන අලංකාර දර්ශනය ගිල ගතිමි. දර්ශනය භුක්ති වින්දෙමි. මා නිතර යන යාච්ඤා මධ්‍යස්ථානයේ සහෝදරියට මෙම අලංකාර දර්ශනය ගැන කීවෙමි. ඇය කීවේ “අපගේ අමුත්තන් ඇවිත් පෙන්වන තුරු ඒ ගැන මට ගණනක් තිබුණේ නැහැ!” කියාය. “අපි මෙහි වසර ගණනාවක් ඉන්නවා. අපි ඉස්සර කළේ ගොවිතැනයි. එතකොට කාර්යාලය වූයේ මෙයයි”.

අපට පෙරටුව ඇති ත්‍යාගයන් විශේෂයෙන් අපගේ දෛනික ජීවිතයේ සමහර කොටස් අපට මග හැරී යා හැකිය. එසේම දෙවියන්වහන්සේ දිනපතා අප තුළත් අප අවටත් කරන දේවල් අපට මග හැරී යා හැකිය. නමුත් ඇදහිලිවතුන් වන අපට අපගේ ඇස් විවෘත කරන්න යයි දෙවියන්වහන්සේට කිව හැකිය. එවිට උන්වහන්සේ ක්‍රියා කරන බව අපට දැනෙනු ඇත. එපිස ඇදහිලිවතුන්ට අපෝස්තලු පාවුල් විසින් උන්වහන්සේව වඩ වඩා දැන ගැනීමට අවශ්‍ය ප්‍රඥාව සහ එළිදරව්ව ඉල්ලා යාච්ඤා කළේය (එපීස 1:7). ඔහු යාච්ඤා කළේ ඔවුන් දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තුවූ අනාගත පොරොන්දුව සහ බලය (18-19 පද) ලබන පිණිසය.

ක්‍රිස්තුස්වහන්සේ ආත්මයාණන් වන දෙවියන්වහන්සේගේ තෑග්ගට උන්වහන්සේ අප තුළ සහ තුළින් කරන ක්‍රියාවන් අවදිකර පෙන්වීමට පුළුවන. උන්වහන්සේ සමග “කාර්යාලයක්” ලෙස පෙණුනු දෙයක් දෙවියන් වහන්සේගේ ආලෝකය සහ මහිමය පෙන්වන ස්ථානයක් ලෙස අපට අවබෝධ කැර ගත හැකිය.