ඬේව් තම රැකියාව ගැන සතුටු විය. නමුත් බොහෝ කාලයක සිට තමාව වෙන තැනකට යමක් අදින බව ඔහුට වැටහිණ. ඔහු දැන් එම තීරණය ඉෂ්ට කර ගැනීමට තීරණය කර සිටින්නේය. ඒ මිෂනාරි සේවයට ඇතුල් වීමටය. නමුත් පුදුමයක් ලෙස ඔහුට බැරෑරුම් සැක පහළ විය.

“මම මේකට සුදුසු නැහැ!” ඔහු මිතුරෙකුට කීවේය. “මිෂනාරි සංගමය මම කව්ද කියලා දන්නේ නැහැ. මම හොඳ මදි”.

ඬේව්ට තවත් මිතුරෝ සිටිති. මෝසෙස්ගේ නම සඳහන් කළ විට අපි නායකත්වය, ශක්තිය සහ දස පනත ගැන සිතන්නෙමු. ඔහු මනුෂ්‍යයෙකු මරා කාන්තාරයට පැන ගිය අයෙකු බව අපට අමතක වේ. වසර හතළිහක් ඔහු කාන්තාරයේ සැඟවී සිටියේය. ඔහුගේ කෝපය පිළිබඳ ගැටළුව සහ දෙවියන්වහන්සේ කියන දෙයට එකඟවීමට අදිමදි කිරීමද අපට අමතක වේ.

දෙවියන්වහන්සේ ඔහුට ඉදිරියට ගමන් කරන්න යැයි කී වීට (නික්මයාම 3:1-10) “මම සුදුසු මදි” යන තුරුම්පුව ඔහු ඇද්දේය. දෙවියන්වහන්සේ සමග දීර්ඝ දෙබසක් කළේය. “මම කව්ද?” (11පදය) ඔහු දෙවියන්වහන්සේගෙන් ඇසුවේය. එවිට දෙවියන්වහන්සේ “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි” (14 පදය) කියා තමන්වහන්සේව ඔහුට හඳුන්වා දුන් සේක. එම අභිරහස් නාමය තේරුම් කිරීම අපට අපහසුය. ඊට හේතුව වන්නේ විස්තර කළ නොහැකි අපගේ දෙවියන්වහන්සේ තම සදාකාලික අභිමුඛය මෝසෙස්ට විස්තර කරන හෙයිනි.

අපගේ දුර්වලතා දැන සිටීම හොඳය. නමුත් දෙවියන්වහන්සේ අපව පාවිච්චි කිරීමෙන් එය අපව වලක්වන්නේ නම් අපි උන්වහන්සේට අපහාස කරමු. අප ඇත්තෙන්ම පවසන්නේ දෙවියන්වහන්සේ හොඳ මදි කියාය.

ප්‍රශ්නය “මම කව්ද” යන්න නොවේ. පිළිතුර නම් කව්ද මේ “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි” යයි කියනු ලබන්නේ යන්නයි.