අපි බහාමියානු පැරණි වනාන්තරය නැරඹීමට ගියෙමු. අපගේ මග පෙන්වන්නා ශාඛ ගැන විස්තර කළේය. මම ඒවා ලියා ගතිමි. ඔහු විෂ ලී ගස අපට පෙන්වීය. “මේ ගසෙන් කළු දියරයක් පිටවෙනවා. ගෑවුනොත් වේදනාකාරීයි. බිබිළි මතු වෙනවා. නමුත් ප්‍රශ්නයක් නැහැ. විෂ නාශකය ඒ අසළම වැඩෙමින් පවතී. ළඟම තිබෙන මැලියම් ගසේ රතු පොත්ත බිබිළිවල අතුල්ලන්න. එවිට එකෙණෙහිම සුව වීම ආරම්භ වන්නේය” කියා ඔහු කිවේය.

මවිත වූ මගේ අතින් පැන්සල බිම වැටුණි. වනාන්තරයේ ගැළවීමේ චිත්‍රයක් සොයා ගැනීමට හැකිවේ යයි මම නොසිතුවෙමි. නමුත් ඒ මැලියම් ගසෙහි මම යේසුස්වහන්සේ දුටුවෙමි. පාපය නැමැති වස හමුවන විට ප්‍රතිකර්මය උන්වහන්සේය. යේසුස්වහන්සේගේ රුධීරය අපට සුවය ගෙනෙන්නේය.

අනාගතවක්තෘ යෙසායා මනුෂ්‍ය වර්ගයාට සුවය අවශ්‍ය බව දැන ගත්තේය. පාපයේ බිබිළි කැළැල් අපට ආසාදනය වී තිබේ. “දුක දන්න මනුෂ්‍යයෙකු” තුළින් අපට සුවය ලැබෙන බවත් උන්වහන්සේ අපගේ රෝගය ගන්නා බවත් යෙසායා කියයි (යෙසායා 53:5). ඒ මනුෂ්‍යයා යේසුස්වහන්සේය. අපි රෝගීව සිටියෙමු. ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් මිය යාමට කැමති වූ සේක. අප උන්වහන්සේ විශ්වාස කළ විට අප පාපයේ රෝගයෙන් සුව වන්නෙමු (5 පදය). සුවවූ අය මෙන් ජීවත් වීමටද අපගේ පාප හඳුනා ගෙන අපගේ නව අනන්‍යතවය අනුව ඒවා ඉවත දැමීමටද ජීවිත කාලයම වැය විය හැකිය. නමුත් යේසුස්වහන්සේ නිසා අපට පුළුවන.