කේරී සහ පෝල් විවාහ වූ විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් උයන්න දැන සිටියේ නැත. එක් රාත්‍රියක ස්පැගටි සාදන්න කේරී තීරණය කළාය. ඒවා වැඩි වූ නිසා පසුදා රාත්‍රීයේද ඔව්හු ඒක කෑවෝය. තුන්වන දින පෝල් ස්වෙච්ඡාවෙන් ඉවීමට ඉදිරිපත් විය. ඔහු පැස්ටා සහ සෝස් දෙගුණ කළේය. සති අන්තයටම එය ඇතිවනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ රාත්‍රීයේ ඔව්හු කැමට වාඩිවූ විට “මට ස්පැගටි එපා වෙලා” යයි කේරී කීවාය.

ඉශ්‍රායෙල්වරු කළාක් මෙන් එකම ආහාරය වසර හතළිහක් කෑම ගැන ටිකක් කල්පනා කර බලන්න. සෑම උදෑසනකම දෙවියන්වහන්සේ දුන් මිහිරි කෑම ඔව්හු එකතු කළෝය. ඒවා ඉව්වෝය (පසුදින සබත් නිසා කිසිවක් ඉතිරි වූයේ නැත – නික්මයාම 16:23-26). අනිවාර්යයෙන්ම ඔවූහු නිර්මාණශීලි වන්න ඇති. එය පුච්චා හෝ තම්බා කන්න ඇති (23 පදය). නමුත් ඔවූහු මිසරයේදී කෑ හොඳ ආහාර ඔවුන්ට මග හැරුණි (3 පදය; ගණන් කථාව 11:1-9). එහෙත් මිසරයේ පෝෂණය පැමිණියේ කෲරකම සහ වහල්කම නැමැති අධික මිළ සමගය.

අපද සමහර විට අපගේ ජීවිතය පෙර තිබූ ලෙස නොතිබෙන නිසා කලකිරීමෙන් සිටිමු. නැතිනම් ජීවිතයේ ඒකාකාරී බව අපව අසහනයට පත්කර තිබේ. නමුත් නික්මයාම 16 – ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේ දුන් විශ්වාසවන්ත සැපයීම විස්තර කරයි. එයින් දෙවියන්වහන්සේ කෙරෙහි දිනපතා යැපීමට ඔවුන්ට සළස්වන ලදී .

අපට අවශය සෑම දෙයක්ම දීමට දෙවියන්වහන්සේ පොරොන්දු වන සේක. උන්වහන්සේ අපගේ ආශාවන් පූර්ණ කර අපගේ ආත්මය “යහපත් දේවලින්” (ගීතාවලිය 107:9) පරිපූර්ණ කරන සේක.