පළමුවර අපගේ නිවසට කුඩා වවුලෙකු ඇතුල් වූ විට වැරදීමකින් එන්න ඇතැයි අපි සිතා ගතිමු. නමුත් දෙවන වරත් රාත්‍රියෙහිදී එකෙක් ඇතුල් විය. මා උන් ගැන කියවීමි. ඇතුල්වීමට කුඩා හිඩැසක් උන්ට ඇති බව මම දැන ගතිමි. කාසියක හිඩැසක් තිබුණත් කුඩා උන්ට ඇතුල් විය හැකිය.

ඒ හෙයින් මම පොටි ඉසින තුවක්කුව රැගෙන දූත ගමනක ගියෙමි. මම නිවස වටේ ගියෙමි. සියලු කුඩා සිදුරු වසා දැමුවෙමි.

සාලමොන්ගේ ගීතිකා 12:5 හි සාලමොන් තවත් ක්‍ෂිරපායි සතෙකු ගැන පවසයි. මිදී වතු නරක් කරන කුඩා සිවලුන් ගැන ඔහු කථා කරයි. සංකේතවත් ලෙස ඔහු කියන්නේ සම්බන්ධතා පළුදු කළ හැකි කුඩා දේවල් ගැනය. වවුලන්ට ආදරේ කරන හෝ සිවලුන්ට ආදරේ කරන අය අධෛර්ය කිරීමට මම උත්සාහ කරනවා නොවේ. නමුත් වවුලන් නිවසින් පිටත තැබීම සහ සිවලුන් ගොවි පොළින් ඉවත් කර තැබීම අපගේ ජීවිතවල පාපය සමග ක්‍රියා කිරීම වැනිය (එපීස 5:3). දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසා ශුද්ධාත්මයාණන් අප තුළ ක්‍රියා කරන සේක. ඒ හෙයින් අපට මාංසයට අනුව ජීවත් නොවී ආත්මයට අනුව ජීවත් විය හැකිය (රෝම 8:4). ආත්මයාණන්ගේ බලයෙන් අපට පාපයේ පරීක්‍ෂාවට විරුද්ධව සිටිය හැකිය.

දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. අපි දැන් ස්වාමින්වහන්සේ තුළ ආලෝකයව සිටිමු. උන්වහන්සේට ප්‍රසන්න වන ලෙස අපට ජීවත් විය හැකිය (එපීස 5:8-10). ආත්මයාණන් එම සිවලුන් අල්ලා ගැනීමට අපට උපකාර කරනු ඇත .