මේරි ලී යනු අඩි 16 ක් දිගැති සුදු වර්ණ රාත්තල් 3500 ක් බරැති මෝරෙකි. සාගරය හදාරන්නෝ 2012 දී මෝරාගේ ශරීරයට ට්‍රාන්ස්මීටරයක් සවි කළෝය. ඌ මතුපිටට පැමිණෙන විට චන්ද්‍රිකාවලට ඇයව සොයා ගත හැකිය. අන්තර් ජාලය ඔස්සේ මේරි ලීගේ ගමන් බිමන් බොහෝ අය නිරීක්‍ෂණය කළෝය. පර්යේෂණ කරන අය සහ ජලය මත ක්‍රීඩා කරන්නෝද ඇයව දැන ගත්තෝය. සැතපුම් 40000 ක් පමණ දුරක් ඇයව නිරීක්‍ෂණය කෙරුණි. නමුත් එක් දිනෙක සංඥා නැවතුණි. සමහර විට ට්‍රාන්ස්මීටරයේ බැටරිය බලරහිත වන්නට ඇති.

මනුෂ්‍ය ඥාණය සහ තාක්‍ෂණය දිව යන්නේ එක්තරා දුරකට පමණි. මේරි ලීව නිරීක්‍ෂණය කළ අයගේ කාර්යය ඇණ හිටියේය. නමුත් අපගේ ජීවිතයේ සෑම මොහොතකම ඇති දෙවියන්වහන්සේගේ දැනුවත්කමින් ඉවතට යන්න ඔබටත් මටත් කිසිසේත් බැරිය. දාවිත් යාච්ඤා කළේ “ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය” (ගීතාවලිය 139:7-8) යනුවෙනි. 6 වන පදයෙහි ඔහු මොර ගසන්නේ “එවැනි ඥාණය මට අතීශයින් පුදුමය” කියාය.

දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා අපව දැන ගැනීමට උන්වහන්සේ තෝරා ගත් සේක. උන්වහන්සේ අපට එතරම් සළකන බැවින් අපගේ ජීවිත නිරීක්‍ෂණය කිරීමට පමණක් නොව ඒවා තුළට පැමිණ ඒවා අලුත් කිරීමද කරන සේක. යේසුස්වහන්සේගේ ජීවිතය මරණය සහ උත්ථානය තුළින් උන්වහන්සේ අප වෙත ළංවූයේ අප උන්වහන්සේව දැන ගන්නා පිණිසත් සදාකාලයටම උන්වහන්සේට ප්‍රේමකරන පිණිසත්ය. දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ඉවතට යාමට අපට කිසි විටෙක නුපුළුවන.