ජීම් තම සේවා කණ්ඩායම නිසා ඉස්මතු වන ගැටළු එනම් බෙදීම්, විනිශ්චයකිරීම්, ආකල්ප සහ වැරදි වැටහීම් වැනි දේ ගැන අපි සමග බෙදාගත්තේය. ඔහුගේ ගැටළුවලට පැයක් පමණ ඉවසිල්ලෙන් ඇහුම්කන් දී මම යෝජනා කළේ “මේ තත්ත්වයේදී අපි කුමක් කළ යුතු දැයි යේසුස්වහන්සේ අපට කියන්නේ කුමක්දැයි උන්වහන්සේගෙන් අසමු” කියාය. අප විනාඩි පහක් නිශ්චලව සිටියෙමු. එවිට පුදුමාකාර දෙයක් සිදුවුනි. දේව ප්‍රේමය පොරෝණයක් සේ අපව වෙලා ගන්වා අප දෙදෙනාටම දැනුණි. උන්වහන්සේගේ අභිමුඛය සහ මග පෙන්වීම අපට ලැබෙන විට අපි වඩ වඩා නිදහස් වූයෙමු. නැවත එම ගැටළුවලට එබී බැලීමට අපට ස්ථිරකමක් ලැබුණි.

යේසුස්වහන්සේගේ එක් ගෝලයෙකු වූ පේත්‍රෑස්ටද දෙවියන්වහන්සේගේ සහනයේ අභිමුඛය අවශ්‍ය විය. දිනක් ඔහු සහ අනික් ගෝලයින් ගලීල මුහුද හරහා ගමන් කරන විට මහත් කුණාටුවක් පැමිණියේය. ක්‍ෂණයකින් යේසුස්වහන්සේ ජලය මත ඇවිදිමින් පැමිණි සේක. අනිවාර්යයෙන් මෙය ගෝලයින්ව පුදුමයට පත් කළේය. උන්වහන්සේ ඔවුන්ව දිරිමත් කළ සේක. “ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්න” (මතෙව් 14:27) කියා කී සේක. පේත්‍රෑස් ආවේගශීිලිව ඇසුවේ තමාත් එන්නද කියාය. ඔහු බෝට්ටුවෙන් බැස යේසුස්වහන්සේ වෙත ගියේය. නමුත් ඉක්මණින්ම ඔහුගේ අවධානය නැති වුනි. මනුෂ්‍යයෙකුට කිසිසේත් කළ නොහැකි අනතුරු සහිත භයංකාර තත්ත්වය ඔහුට පෙණුනි. ඔහු ගිලෙන්න පටන් ගත්තේය. “ස්වාමිනී මා බේර ගන්න” කියා ඔහු මොර ගැසීය. යේසුස්වහන්සේ ප්‍රේමයෙන් ඔහු ගැළවු සේක (30-31 පද).

පේත්‍රෑස් මෙන් අපට ඉගෙන ගත හැක්කේ ජීවිතයේ කුණාටු මධ්‍යයේ පවා දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේ අප සමග බවය.