තරුණ ලේඛකයෙකුව සිටින කාලයේ මා වැඩමුළුවලට සහභාගී වන විට මට මා ගැන ස්ථිරතාවයක් නොතිබුණි. මා වට පිට බලන විට මා දුටුවේ කාමර වල පිරී සිටින “ලේඛක යෝධයින්ය”. එනම් විධිමත් පුහුණුවක් ලැබූ හෝ වසර ගණන් අත්දැකීම් ඇති අයවළුන්ය. නමුත් මට තිබුණේ භාෂාවෙන් සැකසුණු දෙකන් සහ බයිබලයේ කිං ජේම්ස් අනුවාදයේ ස්වරය පමණි. එය මාගේ යුධායුධ විය. මාගේ ලිවීමට ඉවහල් වූ ලිවීමේ ක්‍රමය සහ ස්වරය මට ප්‍රීතියක් විය. එය අන් අයටද එසේ යැයි මම සිතමි.

ගොලියත් සමග සටනේදී සාවුල්ගේ යුධායුධ පැළඳගත් විට දාවිත් නැමැති එඬේර කොලුවාට අස්ථිරකමක් ඇති වී යයි බයිබලය කියවන විට හැඟෙන්නේ නැත (1 සාමුවෙල් 17:38-39). ඔහුට එය පැළඳගෙන එහේ මෙහේ යාම අපහසු විය. දාවිත්ට වැටහුණේ එක් අයෙකුගේ ආම්පන්න තව කෙනෙකුගේ සිරගෙයක් විය හැකි බවය. “මට මේවා ඇඳගෙන යන්නට බැරිය” (39 පදය) ඔහු කීවේය. ඒ හෙයින් තමා දන්නා දෙය ඔහු විශ්වාස කළේය. අත්‍යවශ්‍ය දෙය දීමෙන් දෙවියන්වහන්සේ ඔහුව එම අවස්ථාවට පුහුණු කර තිබුණි (34-25 පද). දාවිත් දැනගෙන සිටියේ කැටපලය සහ ගල් ගැන පමණි. දෙවියන්වහන්සේ ඒවා භාවිතා කර එදින ඉශ්‍රායෙලයට ප්‍රීතිය ගෙන ආ සේක.

ඔබට ඔබ ගැන අස්ථිරතාවයක් හැඟී තිබේද? “අනික් කෙනාට ඇති දෙය මට ඇත්නම් මාගේ ජීවිතය වෙනස් වනු ඇත” කියා ඔබ සිතනවාද? ඔබටම දී ඇති දීමනා සහ අත්දැකීම් බලන්න. දෙවියන්වහන්සේ ඔබට දී ඇති යුධායුධ විශ්වාස කරන්න.