තම සහෝදරයාගේ විවාහ උත්සවයේ පිළිගැනීමේ කර්තව්‍යය කළේ බ්‍රයන්ය. නමුත් ඔහු එතරම් කැපී පෙණුන පුද්ගලයෙකු නොවීය. පවුලේ අයගේ බලාපොරොත්තු සුන්වී ගිය බව කීම නුවමනාය. ඔහුගේ සහෝදරිය වන ජැස්මින් එදින දේව වචනය කියවීමට යොදා තිබුණි. ප්‍රේමය ගැන ප්‍රසිද්ධ 1 කොරින්ති 13 හි පද කිහිපය ඇය පැකිළීමෙන් තොරව අනර්ඝ ලෙස කියෙව්වාය. මංගල්‍යය උත්සවයෙන් පසු බ්‍රයන්ට උපන් දින තෑග්ගක් දෙන්න යයි ඇයගේ පියා ඇයට කීවේය. ඇය පැකිළුණාය. ඇයට ප්‍රේමය ගැන කියවීම පහසු විය. නමුත් එය ක්‍රියාවට දැමීම අපහසු විය. සන්ධ්‍යාව අවසන් වීමට පෙර ඇය තම මනස වෙනස් කරගත්තාය. “ප්‍රේමය ගැන බයිබල් පද කියවා එය ක්‍රියාත්මක නොකිරීමට මට බැහැ” ඇය කීවාය.

ඔබ කියවූ හෝ අසා ඇති හෝ බයිබල් පද ක්‍රියාවට දැමීම ඔබට අපහසු වී ඇද්ද? ඔබ තනිවී නැත. දේව වචනයට කීකරු වෙනවාට වඩා එය කියවා ඇහුම්කන් දීම පහසුය. යාකොබ්ගේ අභියෝගය නිවැරදි ඒ නිසාය. “නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න” (යාකොබ් 1:22). ඔහුගේ කැඩපත් නිදර්ශණය අපට සිනහවක් ගෙන එන්නේ අවධානය අවශ්‍ය වූ අප පිළිබඳ යමක් නිරීක්‍ෂණය කිරීම ගැන අපි දන්නා හෙයිනි. නමුත් නිරීක්‍ෂණය පමණක් ඇතැයි අපි සිතමු නම් අපි අපවම රවටා ගනිමු. යාකොබ් අපට පෙරැත්ත කරනුයේ උවමනාවෙන් බලා දෙවියන්වහන්සේගේ සත්‍යය තුළ ජීවත් වීමටය (25 පදය). ජැස්මින්ට කරන්න යැයි බලපෑමක් කළ දෙය කර එහි ජීවත් වන්න යැයි යාකොබ් අපව පොළඹවන්නේය. දෙවියන්වහන්සේගේ වචනය එයට අපට ආරාධනා කරන්නේය. එසේම උන්වහන්සේට ඊට වඩා අඩු දෙයක් සුදුසු නැත.