“අපගේ ක්‍රීඩකයෙක් ඒක කළා නම් මම බොහෝ කලකිරෙයි” යනුවෙන් 2016 දී වංචාවක් සිදුකළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් ගැන තවත් පිළක ක්‍රීඩකයෙක් කීවේය. නමුත් වසර දෙකකට පසුව එලෙස කිවූ පුද්ගලයාම එවැනි වංචාවකට අසුවිය.

වංචාව තරම් අපව වියවුල් කරන දෙයක් නැති තරම්ය. උත්පත්ති 38 හි යූදාගේ කථාවේ යූදාගේ වංචාකාරිත්වය මරණිය ප්‍රතිවිපාකයක් ගෙන එන්න තිබුණි. තාමාර් සමග විවාහ වූ ඔහුගේ පුතුන් දෙදෙනෙකු මිය ගිය විට යූදා තාමාර්ගේ අවශ්‍යතා සැපයීම මග හැර දමා තිබුණි (8-11 පද). කරකියා ගත දෙයක් නොමැතිව තාමාර් වෛශ්‍යාවියක මෙන් මුහුණ වසා ගෙන මාර්ගයේ වාඩිවී සිටියාය. යූදා ඇය සමග සයනය කළේය (15-16 පද).

තමාගේ වැන්දඹු යෙහෙළිය ගර්භණී බව දැන ගත් පසු යූදාගේ ප්‍රතිචාරය මිනීමරුවෙකුගේ මෙන් විය. “ඈ පිටතට ගෙනවිත් පුළුස්සා දමන්න” යැයි ඔහු (24 පදය) අණ කළේය. නමුත් යූදා තම දරුවාගේ පියා බවට තාමාර් වෙත සාක්‍ෂි තිබුණි (25 පදය).

යූදාට සත්‍යය ප්‍රතික්‍ෂේප කිරීමට හැකියාව තිබුණි. ඒ වෙනුවට ඔහු තම වංකකම පිළිගත්තේය. ඇයට සැලකීමේ වගකීම ඔහු භාරගත්තේය. ඔහු කීවේ “ඇය මට වඩා ධර්මිෂ්ටය” කියාය (26 පදය).

යූදා සහ තාමාර්ගේ මෙම අඳුරු පරිච්ඡේදයත් දෙවියන්වහන්සේ අපගේ මිදීමේ කථාන්දරයට ගෙත්තම් කළ සේක. තාමාර්ගේ දරුවෝ (29-30 පද) යේසුස්වහන්සේගේ මුතුන් මිත්තන් බවට පත් වූහ (මතෙව් 1:2-3).

උත්පත්ති 38 බයිබලයේ තිබෙන්නේ ඇයි? එක් හේතුවක් නම් එය වංචාකාරී මනුෂ්‍ය හදවත් වල කථාවකි. එසේම දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ අනුග්‍රහයේ සහ දයාවේ කථාවකි.