1763 දී තරුණ දේව සේවකයෙකු එංගලන්තයේ සමර්සෙට් පළාතේ කඳුවැටි සහිත ස්ථානයකින් යන විට වැස්සෙන් සහ විදුලිකෙටීම් වලින් බේරීමට ගුහාවක් තුළට ගියේය. එහි සිට ඔහු පිටත බලන විට දෙවියන්වහන්සේ තුළ සමාදානය සහ රැකවරණය ලැබීමේ දීමනාව ගැන ඔහු කල්පනා කළේය. එහි සිට ඔහු ගීතිකාවක් ලිවීම ආරම්භ කළේය. “යුගයේ පර්වතය මට ගුහාවක් වේ. එහි මට සැඟවෙන්න ඉඩ දෙන්න” (Rock of ages cleft for me). මේ එම ගීතිකාවේ අනර්ඝ ආරම්භක පද වේ.

ගිතිකාව ලියන විට ඔගස්ටස් ටොප්ලැඩි පර්වත කුහරයේ සිටි මෝසෙස්ගේ අත්දැකීම ගැන සිතුවාද කියා අපි නොදනිමු (නික්මයාම 33:22). සමහර විට ඔහු එසේ සිතන්න ඇති. මෝසෙස් දෙවියන්වහන්සේගේ ස්ථිරකිරීමත් ප්‍රතිචාරයත් සෙවු බව නික්මයාම වාර්තාව පවසන්නේය. මෝසෙස් දෙවියන්වහ්නසේගේ තේජස එළිදරව් කරන්න යැයි උන්වහන්සේගෙන් ඉල්වීය. දෙවියන්වහන්සේ දයාවෙන් යුක්තව “මා දැක කිසිවෙකු ජිවත් නොවන්නේය” කියා පිළිතුරු දුන් සේක (20 පදය). උන්වහන්සේ ඔහුව පසුකර යන තුරු මෝසෙස්ව ගල් කුහරයක සැඟවූ සේක. මෝසෙස් දුටුවේ දෙවියන්වහන්සේගේ පශ්චිම භාගය පමණී. දෙවියන්වහන්සේ ඔහු සමග බව මෝසෙස් දැන ගත්තේය.

“මමම නුඹ සමග යමි”යි දෙවියන්වහන්සේ මෝසෙස්ට කී පරිදි අපට විශ්වාස කළ හැක්කේ උන්වහන්සේ තුළ අපටද රැකවරණය ලැබිය හැකි බවය. මෝසෙස් සහ කථාවේ සිටින දේව සේවකයාට මෙන් අපගේ ජීවිතයේද බොහෝ කුණාටු හමුවිය හැකිය. නමුත් අප උන්වහන්සේට මොර ගසන විට උන්වහන්සේ තම අභිමුඛයේ සමාදානය අපට දෙන සේක.