මාගේ මාමා මෑතකදී 78 වන වියට පා තැබීය. ඔහුට ගෞරව කිරීම පිණිස අප පැවැත්වූ පවුලේ උත්සවයේදී කෙනෙකු ඔහුගෙන් ඇසුවේ “ඔබ මෙතෙක් කල් ඉගෙන ගත් වැදගත්ම දෙය කුමක්ද?” කියාය. ඔහුගේ පිළිතුර වූයේ “අල්ලා ගෙන ඉන්න” යන්නයි.

“අල්ලාගෙන ඉන්න”. එම වචන සරළ වැඩියයි සිතා අපට ඉවත දැමිය හැකිය. මාගේ මාමා අන්ධ ශුභවාදය හෝ ධනාත්මක චින්තනය හෝ ප්‍රචාරණය කළා නොවේ. දශක අටක කාලය තුළ ඔහු බොහෝ අසීරු දේ තුළින් ගියේය. ඔහුට ඉදිරියට යාමට උපකාර වූයේ අනාගතය හොඳ වෙනවා ඇත යන සරල බලාපොරොත්තුව නොව ඔහුගේ ජීවිතයේ ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියාවය.

“අල්ලාගෙන ඉන්න” යන්නට බයිබලය “අත් නොහැර සිටීම” යන්න භාවිතා කරයි. එය අපේ කැමැත්තෙන් කළ නොහැකිය. අප ඉදිරියට යන්නේ අප සමග සිටීමටද අපගේ ජීවිත වල උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට කිරීමටද අපට ශක්තිය දීමටද දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇති නිසාය. යෙසායා තුළින් ඉශ්‍රායෙල්වරුන්ට උන්වහන්සේ දුන් පොරොන්දුව එයයි. “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.” (යෙසායා 41:10) යන්නය.

අත් නොහැර සිටීමට අවශ්‍ය වන්නේ කුමක්ද? යෙසායාට අනුව බලාපොරොත්තුවේ පදනම දෙවියන්වහන්සේගේ චරිතයයි. දෙවියන්වහන්සේගේ යහපත්කම දන්නා නිසා බියෙන් අපේ ග්‍රහණය ඉවත් කර ගෙන පියාණන් සහ උන්වහන්සේගේ පොරොන්දුව වන දෛනික අවශ්‍යතා, ශක්තිය, උපකාරය, දෙවියන්වහන්සේගේ සහනය බලගැන්වීම සහ අප ඔසවා ගෙන සිටින අභිමුඛය අපි අල්ලා ගනිමු.