මාගේ ඥාතී දියණියත් ඇගේ සිව් හැවිරිදි දියණිය වන කයිලිනුත් මාත් අනර්ඝ සෙනසුරාදා සන්ධ්‍යාවක් ගත කළෙමු. අප සබන් බෝල අරිමින් පාට පොත්වල පාට කරමින් සැන්ඩ්විචස් කමින් කාලය ගෙවීමු. ඔවුන් මෝටර් රථයට නැගී යන්නට සුදානම් වූ විට එහි වීදුරුව තුළින් කයිලින් මිහිරි හඬින් මට කීවේ “ඈන් නැන්දේ මාව අමතක කරන්න එපා” කියාය. මම ළඟට ගොස් ඇයගේ කණට කොඳුරමින් “මට කවදාවත් ඔයාව අමතක කරන්න බැහැ. මම පොරොන්දු වෙනාව ඉක්මණින් එනවා කියලා” යයි කීවෙමි.

ක්‍රියා 1 හි “ඔවුන් බලා සිටියදීම” (9 පදය) යේසුස්වහන්සේ අහසට නගිනවා ඔව්හු දුටුවෝය. තම ස්වාමියාණෝ ඔවුන්ව අමතක කරනු ඇතැයි ඔවුන්ට සිතුණාදැයි මම නොදනිමි. නමුත් පැමිණෙන පීඩාවන්ට මුහුණ දීමට ඔවුන්ට හැකිවන පිණිස ශුද්ධාත්මයාණන් එවීමට උන්වහන්සේ මොහොතකට පෙර පොරොන්දු වූ සේක (8 පදය). උන්වහන්සේ ඔවුන්ට උගන්වා තිබුණේ ඔවුන් වෙනුවෙන් ස්ථානයක් පිළියල කිරීමට යන බවත් උන්වහන්සේ සමග සිටින පිණිස ඔවුන්ව ගෙන යාමට නැවත එන බවත්ය (යොහන් 14:3). කෙසේ වෙතත් කෙතරම් කාලයක් ඔවුන්ට බලා සිටින්න සිදුවේදැයි ඔවුන් කල්පනා කරන්න ඇත . “යේසුනි අපව අමතක නොකරන්න“ කියා කියන්න ඔවුන්ට අවශ්‍ය වන්න ඇති.

යේසුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තබා ඇති අප තුළ උන්වහන්සේ ශුද්ධාත්මයාණන් තුළින් ජීවත් වන සේක. එහෙත් උන්වහන්සේ පැමිණ අපවත් උන්වහන්සේගේ මැවීමත් සම්පූර්ණයෙන් ස්ථාපිත කිරීම පිණිස උන්වහන්සේ කවදා එනු ඇද්දැයි අප කල්පනා කරනවා විය හැකිය. එය අනිවාර්යයෙන්ම සිදුවේ. උන්වහන්සේ අපව අමතක නොකරන සේක. “එම නිසා එකිනෙකාට අවවාද කර එකිනෙකා වර්ධනය කර ගන්න” (1 තෙසලෝනික 5:11).