ප්‍රසිද්ධ සෙමනේරියක සිසුවෙකු දේශනා ශිල්ප පංතියකදී දේශනාවක් කළ බව මම අසුවෙමි. තරුණ සිසුවා අහංකාර අයෙකු විය. ඔහු තම දේශනය කථිකත්වයෙන් හා හැඟීම්වලින් යුතුව කළේය. ඔහු අවසන් කළේ තමා පිළිබඳ තෘප්තියක් සහිතවය. කථිකාචාර්යවරයා ඔහුට ප්‍රතිචාර දැක්වීමට පෙර මොහොතක් නිශ්චලව සිටියේය.
“එය බලවත්. හොඳින් සුදානම් කර තිබුණා. හොඳින් ගලා ගියා. නමුත් එක ප්‍රශ්නයක් තිබුණා. ඔබගේ එක වක්‍යයකවත් දෙවියන්වහන්සේ මාතෘකාව වී තිබුණේ නැහැ”. කථිතාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මහාචාර්යවරයා අපි සියලු දෙනා සමහර විට අරගල කරන ගැයළුවක් උද්දීපනය කළේය. අප මූලික නළුවා ලෙස අපවම උලුප්පා දැක්විය හැකිය (අපි කරන දේ හා අපි කියන දේ උලුප්පා දක්වමින්). නමුත් සත්‍යය නම් ජීවිතයේ ප්‍රධාන නළුවා දෙවියන්වහන්සේ බවත් සාමාන්‍යයෙන් අපි දෙවියන්වහන්සේගේ පාලනයේ සිටින බවත් කියමු. නමුත් අප ක්‍රියා කරන්නේ ප්‍රතිඵලය අපගේ අතේය යන ආකාරයටය.

බයිබලය ප්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේ අපගේ ජීවිතයේ සත්‍ය විෂය බවත් සත්‍ය බලය බවත්ය. අත්‍යාවශ්‍ය ඇදහිල්ලේ ක්‍රියා පවා අප කරන්නේ යේසුස්වහන්සේගේ නාමයෙනි. ස්වාමින්වහන්සේගේ බලයෙනි (ගීතාවලිය 118:10-11). දෙවියන්වහන්සේ අපගේ ගැළවීම ක්‍රියාත්මක කරන සේක. දෙවියන්වහන්සේ අපගේ අවශ්‍යතා බලන සේක. “මේ ස්වාමින්වහන්සේගේ ක්‍රියාවය” (23 පදය).

ඒහෙයින් පීඩනය නැත. අප කෙඳිරිය යුතු නැත. සංසන්දනය කළ යුතු නැත. ආවේගයෙන් යුක්තව ක්‍රියා කිරීම හෝ අපගේ විවිධ කණස්සල්ලයන් පෝෂණය කිරීම අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ පාලනයේ සිටින සේක. අපට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ මග පෙන්වීමට කීකරුව උන්වහන්සේව විශ්වාස කිරීම පමණී.