ටෝකියෝවේ ෂිබුආ දුම්රියපොළ ඉදිරිපිට හචිකෝ නැමැති බල්ලා සැමරීම පිණිස උගේ පිළිරුවක් සාදා ඇත. හචිකෝව සිහි කෙරෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්්‍යවරයෙකු වූ තම ස්වාමියාට ඌ දැක්වූ අසාමාන්‍ය විශ්වාසවන්තකම නිසාය. මහාචාර්්‍යවරයා දිනපතා දුම්රියෙන් ගමන් කළේය. බල්ලා උදෑසන ඔහු සමග දුම්රිය පළට යයි. සවස නැවත මහාචාර්්‍යවරයා එන වෙලාවට එයි.

එක් දිනක් මහාචාර්්‍යවරයා පැමිණියේ නැත. ඔහු විශ්ව විද්‍යාලයේදී මිය ගොස් තිබුණි. නමුත් බල්ලා ඔහුගේ ජීවිත කාලය පුරාවටම එනම් වසර නවයක්ම සෑම දිනකම දුම්රිය පොළට ඒ වෙලාවට පැමිණියේය. කාලගුණය නොතකා බල්ලා තම ස්වාමියා එනතුරු බලා සිටියේය.

පාවුල් තෙසලෝනිකයන්ගේ විශ්වාසන්තකමට ප්‍රශංසා කළේය. ඔවුන්ගේ ඇදහිල්ලේ ක්‍රියාවටද ප්‍රේමයෙන් හටගත් වීර්්‍යයටද අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන බලාපොරොත්තුවේ ඉවසීමටද (1 තෙසලෝනික 1:3) ඔහු ප්‍රශංසා කළේය. දැඩි විරුද්ධතා මධ්‍යයෙහි ඔව්හු තම පැරණි මාර්ග අත්හැර “ජිවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙ කරන පිණිස” උන්වහන්සේගේ පුත්‍රයාණන් ස්වර්ගයෙන් එනවා බලා සිටියෝය (9-10 පද).

මේ මුල් ඇදහිලිවතුන් තුළ තම ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ප්‍රේමය ගැන තිබු බලාපොරොත්තුව ඔවුන්ගේ අසීරුතා වලට එහා ගොස් ඔවුන්ගේ ඇදහිල්ල උනන්දුවෙන් බෙදා ගැනීමට ඔවුන්ව ජ්වලිත කළේය. යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත්වීමට වඩා යහපත් දෙයක් නැති බව ඔවුන්ට ඒත්තු ගැන්විණ. ඔවුන්ව බලගැන්වූ ශුද්ධාත්මයාණන්ම අපව බලගන්වන නිසා උන්වහන්සේගේ ඊම බලා සිටින අපට විශ්වාසවන්තව උන්වහන්සේට සේවය කළ හැකි බව දැන සිටීම කෙතරම් මනහරද!