දෙවන ලෝක යුද්ධ කාලයේදී ප්‍රංශ ගැමියන් යුදෙව් සරණාගතයින්ට නාසී හමුදාවෙන් සැඟවීමට උපකාර කළ කාලයේ ඔව්හු තම නගරයේ කැලෑවල සිට ගීත ගායනා කළෝය. ඒ යුදෙව්වන්ට සැඟවූ ස්ථානවලින් පිටතට ඒමට ආරක්‍ෂාව ඇතැයි අඟවන පිණිසය. “ලේ කැම්බොන් සූර් ලිග්නොන්” යන නගරයේ සිටි නිර්භීත සෙනග සභාපාලක ඇන්ඩ්‍රේ ට්‍රොක්මේ සහ ඔහුගේ භාර්්‍යයාව වු මැක්ඩාගේ ආරාධනාවට කීකරු වුහ. ඔව්හු ලා මොන්ටාග්නේ ප්‍රොටෙස්ටන්ටේ යන තැනිතලාවේ යුද කාලයේ යුදෙව්වන්ට රැකවරණය දුන්නේය. ඔවුන්ගේ සංගීත අනතුරු ඇඟවීම් නිසා යුදෙව්වන් 3000 ක් පමණ අනිවාර්්‍යය මරණින් ගැළවුණේය.

තවත් එවැනි භයංකාර කාලයකදී සාවුල් තම නිවසට තමා මරා දැමීමට මිනීමරුවන් එවු විට දාවිත් ගායනා කළේය. ඔහුගේ සංගීතය අනතුරු ඇඟවීමක් නොවීය. එය ඔහුට දුන් රැකවරණය නිසා දෙවියන්වහන්සේට කළ තෘතඥතාවයකි. දාවිත් සන්තෝෂ වූයේ “මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි. එසේය. අලුයම්හී ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනා කරන්නෙමි. මක්නිසාද ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්‍ෂස්ථානයක්ද වූ සේක” (ගීතාවලිය 59:16) යයි කියමිනි.

එවැනි ගායනා රාත්‍රියේ භයානක වේලාවන්හිදී උරුවම් බෑමක් නොවේ. දාවිත්ගේ ගායනය පෙන්නුම් කළේ සර්ව බලධාරී දෙවියන් කෙරෙහි ඔහුගේ විශ්වාසයයි. “මාගේ ශක්තිය වූ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය. මට කරුණාකරන මාගේ දෙවියන්වහන්සේය” (17 පදය).

දාවිත්ගේ ප්‍රශංසාව සහ ලේ කැම්බොන් හී ගැමියන්ගේ ගායනය සහ අපගේ ගායනය අපට ආරාධනා කරන්නේ අපගේ ජීවිතයේ කණස්සලු මධ්‍යයේ ගායනා කරමින් අද දිනයේ දෙවියන්වහන්සේට ආශිර්වාද කිරීමටය. උන්වහන්සේගේ ප්‍රේමණීය අභිමුඛය ප්‍රතිචාර දක්වන්නේ අපගේ හදවත් ශක්තිමත් කරමිනි.