සැමුවෙල් මිල්ස් සහ ඔහුගේ මිතුරන් සතර දෙනෙක් බොහෝ විට යාච්ඤාවට එකතු වී යේසුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීම පිණිස තව සෙනග එවන්න කියා යාච්ඤා කළහ. 1806 එක් දිනකදී ඔව්හු තම යාච්ඤා රැස්වීම අවසන් වී ආපසු එද්දී විදුලි කෙටීම් සහිත තද කුණාටුවකට අසුවූ බැවින් එයින් බේරීමට ඔවුහු පිදුරු මඩුවකට රිංගා ගත්හ. ඒහෙයින් ඔවුන්ගේ සති මැද යාච්ඤා වලට පිදුරු මඩු යාච්ඤා කියා නම් කෙරුණි. එය ගෝලීය මිෂනාරි සේවයක් දක්වා වර්ධනය විය. අද පිදුරු මඩු යාච්ඤා ස්මාරකය එක්සත් ජනපදයේ විලියම් විදුහල් භූමියේ තිබේ. එය යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේට කළ හැකි දේ අපට මතක් කරන්නේය.

පොදු ඉල්ලීමක් ගැන උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ වෙතට එනවාට දෙවියන්වහන්සේ කැමතිය. එය පවුලේ එකතුවක් මෙනි. අරමුණ එකය. පොදු කරදර එහිදී දරා ගැනේ.

අපෝස්තලු පාවුල් දැඩි පීඩාවක් තුළ සිටින විට අන් අයගේ යාච්ඤා ඔහුට උපකාර කළ ආකාරය පිළිගනී. නුමලාගේ යාච්ඤාවලින් අපට උපකාර කරන විට උන්වහන්සේ අඛණ්ඩව අපව මුදවන සේක (2 කොරින්ති 1:10-11). ලෝකයේ උන්වහන්සේගේ කාර්්‍යයන් ඉෂ්ට කරන පිණිස අපගේ යාච්ඤාවන් විශේෂයෙන් අප එකතුව කරන යාච්ඤාවන් භාවිතා කිරීමට දෙවියන්වහන්සේ තෝරා ගෙන ඇත. එම පදය තවදුරටත් පවසන්නේ “එවිට බොහෝ අය ස්තුති දෙනු ඇත ….. ඒ බොහෝ අයගේ යාච්ඤාවන්ට පිළිතුරු ලෙසය”.

එකට එකතුව යාච්ඤා කරමු. එවිට දෙවියන්වහන්සේගේ යහපත්කම තුළ අපට එකතුව ප්‍රීති විය හැකිය. අපගේ ප්‍රේමණීය පියාණෝ උන්වහන්සේ වෙත අප එනතුරු බලා සිටින සේක. ඒ අපගේ සිතුවිලි වලට එහා යන මාර්ග අප තුළින් ක්‍රියාත්මක කරන පිණිසය.