“ඔයා ලොකු උනාම මොනවද කරන්නේ?”. දරුවන් ලෙසද සමහර විට වැඩිහිටියන් ලෙසද අප එම ප්‍රශ්නය අසා ඇත්තෙමු. එම ප්‍රශ්නය නැගෙන්නේ කුතුහලය නිසාය. පිළිතුර බොහෝ විට අරමුණ ප්‍රකාශ කිරීමක් ලෙස ඇඟවෙයි. මගේ පිළිතුර වසර ගණනාවක් වෙනස් වෙමින් පැවතුණි. එය ආරම්භ වූයේ බැටළුවන් බලා ගන්නා අයෙක්, ලොරි රියැදුරෙක්, සොල්දාදුවෙක් යන ලෙසටය. ඉන්පසු මම විදුහලට ඇතුල් වූයේ වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගැනීමටය. නමුත් “නිශ්චල ජීවිතයක්” සොයන්න යයි කෙනෙක් මට කීවාද නැත්නම් මමම තීරණය කළාදැයි මට සිතා ගත නොහැකිය.

නමුත් පාවුල් තෙසලෝනිකයන්ට කීවේ එයයි. පළමුව ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එකිනෙකාට ප්‍රේම කරන ලෙසට සහ දෙවියන් වහන්සේගේ පවුලේ සියළු දෙනාටම ඊටත් වඩා ප්‍රේම කරන ලෙසටය (1 තෙසලෝනික 4:10). ඊළඟට ඔවුන් අත තබන ඕනෑම දෙයකට සරිලන පොදු අනුශාසනයක් දුන්නේය. එනම් “නිශ්චලව සිටින්ට උත්සාහ කරන්න” (12 පදය) යන්නය. දැන් පාවුල් ඇත්තටම එයින් අර්ථවත් කළේ කුමක්ද? “ඔබගේ කාරණා බලාගෙන ඔබගේ දෑතින් වැඩ කරන්න” කියාය. එවිට අන් අය ඔබට ගරු කරන අතර ඔබ කිසිවෙක්ට බරක් නොවනු ඇත කියාය (11-12 පද). අපගේ දරුවන්ගේ දීමනා සහ ආශාවන් අධෛර්යමත් කිරීමට අපට අවශ්‍ය නැත. නුමත් ඔවුන් කරන මොන දෙයක් වුවත් නිශ්චල ආත්මයකින් කිරීමට අපි ඔවුන්ව උනන්දු කරමු.

අප ජීවත්වන ලෝකය ගැන සිතන විට “ඉලක්කය” සහ “නිශ්චල” යන්න ඉතා දුරය. නමුත් දේව වචනය සෑම විටම අදාල වන්නේය. ඒ හෙයින් නිශ්චල ජීවිතයක් ගත කිරීම ගැන අප සිතා බැලිය යුතුය.