වසරකට අඩු කාලයක් පුරා මගේ නාසයේ තිබූ ලපය නිසා මම වෛද්‍යවරයෙක් හමුවීමට ගියෙමි. බයොප්සි පරීක්‍ෂණයේ ප්‍රතිඵල ආවේ මා අසන්න කැමති ආකාරයට නොවේ. චර්ම පිළිකාවක්. පිළිකාව ඉවත් කිරීමට පුළුවන් වුවද ජීවිත තර්ජනයක් නොවූවද එය ගිළීමට තිත්ත බෙහෙතක් විය.

දෙවියන්වහන්සේ එසෙකියෙල්ට තිත්ත පෙත්තක් ගිල දැමීමට කී සේක. ඒ විලාප සහ දුක මුසුවූ පොතකි (එසෙකියෙල් 2:10; 3:1-2). ඔහුගේ බඩ ඉන් පුරවා ගත යුතු විය. ඉන්පසු “තද මුහුණුද දැඩි සිත්ද” (2-4 පද) ඇති ලෙසට දෙවියන්වහන්සේ සැළකූ ඉශ්‍රායෙල් සෙනගට එම වචන ප්‍රකාශ කළ යුතු විය. වරද නිවැරදි කරන පෙත්තක් තිත්ත විය හැකියයි කෙනෙක් සිතිය හැකිය. නමුත් “එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය” (3:3 පදය) කියා එසෙකියෙල් පවසයි.

එසෙකියෙල් දෙවියන්වහන්සේගේ නිවැරදි කිරීමට ආශාවක් ඇති කර ගෙන තිබුණි. උන්වහන්සේගේ තරවටුව මග හැරිය යුතු දෙයක් යයි ඔහු සිතනවා වෙනුවට එසෙකියෙල් හඳුනාගත්තේ ආත්මයට හොඳ දෙය මිහිරි බවයි. දෙවියන්වහන්සේ මහත් ප්‍රේමයෙන් අපට අණ කරමින් සහ නිවැරදි කරමින් අපට උපකාර කරන්නේ උන්වහන්සේට ප්‍රසන්න සහ ගෞරවය දෙන ලෙස ජීවත් වීමටය.

සමහර සත්‍යයන් ගිල දැමීමේදී තිත්ත රසක් දෙන අතර තවත් සමහරක් මිහිරිය. දෙවියන්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කරනවාදැයි අප දන්නේ නම් උන්වහන්සේගේ සත්‍යය අපට මීපැණි මෙන් වනු ඇත. අන් අයට සමාව දීමට පූඥාව සහ ශක්තිය ලබා දීමටද ඕපාදුපවලින් වැළකීමටද අසාධාරණය ඉවසීමටද උන්වහන්සේගේ වචන අපට දී ඇත්තේ අපගේම යහපතටය. දෙවියන්වහන්ස, ඔබගේ ප්‍රඥාව මිහිරි උපදෙසක් ලෙස පිළිගැනීමට අපට උපකාර කළ මැනව.