2014 දී ගේ ඉදිරිපස සිටි නව හැවිරිදි විලීව සොරු පැහැරගත් විට ඔහු තමා ඉතා ප්‍රිය කරන “සැම ප්‍රශංසා” කියන කෙටි ගීතිකාව නැවත නැවත ගායනා කළේය. පැය තුනක එම දරුණු කාලය තුළ පාහැර ගත් අය වාහනයේ එහේ මෙහේ යමින් “කට වහන්න” යැයි ඔහුට කළ තරවටුව විලී ගණන් ගත්තේ නැත. අවසානයේ ඔවුහු විලීව කිසිම අනතුරක් නොකර රථයෙන් පිටතට දැමුවෝය. විලී එම සිද්ධිය විස්තර කළේ ඔහුගේ බිය ඇදහිල්ලට හැරුණු විට පැහැර ගත් අය එම ගීතයෙන් වික්‍ෂිප්ත වූවායයි පෙනුනු බවය.
තම භයංතාර තත්ත්වයට විලී මුහුණ දුන් ආකාරය පාවුල් සහ සීලාස්ගේ අත් දැකීමට සමාන විය. කස පහර දී සිර ගෙට දැමූ පසු ඔව්හු ප්‍රතිචාර දැක්වුයේ යාච්ඤාවෙන් සහ දෙවියන්වහන්සේට ගීතයෙන් ප්‍රශංසා කිරීමෙනි. අනිත් සිරකරුවෝ ඔවුන්ට ඇහුම්කන් දුන්නෝය. ක්‍ෂණයකින් සිර ගෙදර අත්තිවාරම් ගැළවෙන තරමට භූමි කම්පාවක් ඇති විය. එක්වරම සිරගෙදර දොරවල් විවෘත වී සෑම දම්වැළක්ම ගැළවුණි (ක්‍රියා 16:25-26).

මෙම බලයේ මනහර දර්ශනය දැක සිරගෙයි නිලධාරියා පාවුල් සහ සීලාස්ගේ දෙවියන්වහන්සේව විශ්වාස කළහ. ඔහු සමග ඔහුගේ මුළු පවුලම බෞතිස්මය ලැබූහ (27-34). එම රාත්‍රීයේදී ප්‍රශංසාවේ මංපෙතින් ආත්මික සහ භෞතික දම්වැල් කැඩුණි.

පාවුල් සහ සීලාස් හෝ විලී හෝ මෙන් අප නාට්‍යානූසාර ගැළවීමක් නොදකිනු ඇත. නමුත් දෙවියන්වහන්සේ තම සෙනගගේ ප්‍රශංසා වලට ප්‍රතිචාර දක්වන බව අපි දනිමු. උන්වහන්සේ ක්‍රියා කරන විට දම්වැල් කැඩි යනු ඇත.