ඩෙන්මාර්ක් චිත්‍රපටියක් වන බැබට්ගේ මංගල්‍යය යන්නෙහි ප්‍රංශ ජාතික බැබට් නම් සරණාගතයෙකු වෙරළබඩ ගමකට එන්නීය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු ඇයව තම නිවසට ගනිති. ඒ දෙදෙනා ආගමික සමූහනයක නායිකාවන්ය. වසර දහහතරක් බැබට් එම නිවසේ ගෘහ පාලිකාවක් ලෙස වැඩ කළාය. බැබට් විශාල මුදලක් එකතු කර ගත් පසු ප්‍රංශ ක්‍රමයේ දිවා ආහාරයක් සඳහා සභාවේ සියලු දෙනාට ආරාධනා කළාය. මත්ස්‍ය බිත්තර සහ වටුවන් සමග ප්‍රණීත ආහාර වේලක් සියලු දෙනාට ඇය දෙයි. ඇය ඔවුන්ට ඇති තරම් කෑම බෙදන විට සමහරු එකිනෙකාට සමාව දෙති. සමහරුන්ගේ ප්‍රේමය ඉස්මතු වේ. තවත් සමහරු තමන් කුඩා කාලයේ දුටු හාස්කම්ද ඉගෙන ගත් පාඩම්ද මතක් කරති. මතකද අපට ඉගැන්වූ දේවල් “කුඩා දරුවෙනි, එකිනෙකාට ප්‍රේම කරන්න”.

ආහාරයෙන් පසු බැබට් සහෝදරියන් දෙදෙනාට පවසන්නේ තමා සතු සියලු මුදල් ආහාරය වෙනුවෙන් ඇය වියදම් කළ බවය. නැවත තම රටට ගොස් තමා සූප වේදිනියක් ලෙස කළ රැකියාවට යාමට තිබූ මුදල්ද ඇය වියදම් කර තිබුණි. ඒ කෑම කා තම මිතුරන්ගේ හදවත් විවෘත වන පිණිසය.

යේසුස්වහන්සේ අමුත්තෙකු සහ සේවකයෙකු ලෙස මෙලොවට වැඩිය සේක. අපගේ ආත්මික පිපාසය සංසිඳවීම පිණිස උන්වහන්සේ සියල්ල දුන් සේක. යොහන්ගේ ශුභාරංචියේ ඔහු තම පාඨකයන්ට මතක් කරන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් පාළුකරයේ සාගින්නේ ගමන් කරන විට දෙවියන්වහන්සේ ඔවුන්ට රොටී සහ වටුවන් දුන් බවය (නික්මයාම 16). ඒ ආහාර තාවකාලික තෘප්තියක් දෙයි. නමුත් තමන්වහන්සේව “ජීවනදායක රොටී” ලෙසට පිළිගන්නා අය “සදාකාලයට ජීවත්වන” බවට යේසුස්වහන්සේ පොරොන්දු වන සේක (යොහන් 6:48, 51). උන්වහන්සේගේ පූජාව අපගේ ආත්මික ආශාවන් සංසිඳවන්නේය.