මෙම දැන්වීම මගේ මුහුණට සිනහවක් ගෙන ආවේය. “පාද ඉතිහාසයේ සැපපහසුම මේස්”. එය තවදුරටත් පාදවලට ශුභාරංචිය ඉදිරියට ගෙන යමින් දැන්වීම්කරු පැවසුවේ එම මේස් අස්ථානගත අය වැඩිපුරම ඉල්ලන නිසා සෙනග විසින් මිළදී ගන්නා සෑම මේස් යුගලකටම තව යුගලයක් බැගින් අවශ්‍යතා ඇති අයෙකුට සමාගම පරිත්‍යාග කරන බවයි.

වසර තිස් අටක් ඇවිදීමට නොහැකිව සිටි මිනිසාව යේසුස්වහන්සේ සුව කල විට ඔහුගේ මුහුණේ ඇතිවූ සිනහව ගැන ටිකක් සිතන්න (යොහන් 5:2-8). එතරම් කාලයක් උපකාරයක් නැතිව සිටි අයෙකුගේ සිත හෝ පාදයට ක්‍රිස්තුස්වහන්සේගේ සැළකිල්ල ගැන නොතැකූ මාලිගා නිලධාරීන්ගේ මුහුණු ගැන දැන් සිතන්න. ඔව්හු සබත් දිනයේ වැඩ කිරීමට නොහැකි බවට තිබු පනත කැඩුවේ යැයි යේසුස්වහන්සේට දෝෂාරෝපණය කළෝය (9-10; 16-17 පද). ඔවුන් දුටුවේ නීතියයි. එහෙත් යේසුස්වහන්සේ දුටුවේ කරුණාව සඳහා වූ අවශ්‍යතාවයයි.

ඒ වෙලාව වන විට ඔහුට අලුත් පාද දුන් තැනැත්තාණන් කව්දැයි මිනිසා නොදැන සිටියේය. යේසුස්වහන්සේ තමාට පාද දුන් බව කීමට ඔහුට හැකිවූයේ පසුවය (13-15 පද). එම මිනිසාට සහ අපට ඉතිහාසයේ හොඳම ප්‍රවෘත්තිය දීම පිණිස එම යේසුස්වහන්සේ තම පාද ගසකට තබා ඇණ ගැසීමට ඉඩ දුන් සේක. එම ප්‍රවෘත්තිය සියලු බිඳුණු ශරීර මනස් සහ සිත් සඳහා වූ හොඳම ප්‍රවෘත්තිය වන්නේය.