“ශ්‍රේෂ්ඨ චිත්‍රකරු” යන ගී නළුවේ ඇති බලවත් ගීයක් වන්නේ “මේ මමය” යන ගීතයයි. එය පදනම් වී ඇත්තේ පී. ටි. බාර්නුම් සහ ඔහුගේ සර්කස් කණ්ඩායමේ කථාවයි. සමාජ නීතිවලට පටහැනි නිසා ඔවුන් අත්දකින වාචික අපහාස ගැන නළුවෝ ගායනා කරති. වචන විනාශකාරී වෙඩි උණ්ඩ සහ නොමැකෙන කැලල් තබා යන පිහි පාරවල් සේ ඉන් පෙන්නුම් කරන්නේය.

ගීතයේ ජනප්‍රියතාවය පෙන්නුම් කරන්නේ බොහෝ සෙනගක් යුධායුධ වැනි වචන නිසා ඇතිවන නොපෙනෙන නමුත් සත්‍ය තුවාල ඉවසාගෙන සිටින බවයි.

විනාශකාරී කල් පවතින හානි කිරීම වැනි අපගේ වචනවල ඇති භයංකාරත්වය යාකොබ් තේරුම් ගත්තේය. ඔහු දිව “කැරළිකාරවූ මරණීය විෂයෙන් පූර්ණවූ නපුරු දෙයක්” ලෙස හඳුන්වන්නේය (යාකොබ් 3:8)

දැඩි සංසන්දනයක් ඉදිරිපත් කරමින් යාකොබ් තම ඇදහිලිවතුන්ගේ අවධාරණයට යොමු කරන්නේ ඔවුන්ගේ වචනවල ඇති මහත් බලයයි. ඊටත් වඩා එක් මොහොතක දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් අනිත් මොහොතේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද මිනිසුන්ට හානි කිරීමේ පරස්පර විරෝධිකම ඔහු පෙන්වයි (9-10 පද).

“මේ මමය” ගීතය අප සම්පූර්ණයෙන්ම මහිමත්වෙමි යයි සිතමින් අන් අයට වාචිකව පහර දීම අභියෝගයට ලක් කරයි. එම සත්‍යය බයිබලය ස්ථිර කරයි. බයබලය සෑම පුද්ගලයෙකුගේම අසමසම ගෞරවය සහ අලංකාරය ස්ථිර කරයි. ඒ පිටස්තර පෙනුම නිසා හෝ අප කර ඇති යමක් නිසා හෝ නොව අප එකිනෙකා දෙවියන්වහන්සේ විසින් අන්ර්ඝ ලෙස නිර්මාණය කර ඇති නිසාය. අප උන්වහන්සේගේ විශේෂිත කෘතිය (ගීතාවලිය 139:14). එකිනෙකාට අපගේ වචන සහ එකිනෙකා ගැන අප කියන වචන එම ස්ථිර සත්‍ය බලගැන්වීමට හැකි ඒවාය.