වසර හතළිහකට වඩා ඇය වෙත තිබූ ගෘහ අලංකරණ පැලයක් මිතුරියක් මට දුන්නාය. පැලය මාගේ උසට තිබුණි. එහි සිහින් කඳන් තුනක් විය. ඒවායෙහි පත්‍ර විශාල විය. පත්‍රවල බර නිසා කඳන් පොළොවට බරව තිබුණි. මම ඒවා කෙළින් කර කරු තබා හිරු එළිය වැටෙන පිණිස ජනේලය අසළ තැබුවෙමි. එසේ කළේ හිරු එළියට එහි කොළ කෙළින් වී එයට නව පෙනුමක් ලබා දිය හැකි යයි සිතමිනි.

පැළය ලැබී ටික දිනකින් ඒවාගේම පැලයක් මම ව්‍යාපාර ස්ථානයක දුටුවෙමි. එහිද කඳන් තුනක් තිබුණි. නමුත් ඒවා එකට ගොතා ශක්තිමත් කඳක් නිර්මාණය කර තිබුණි එම පැළය කරු නැතිව සෘජුව තිබුණේය.

සමහර විට දෙදෙනෙකු එකම “පෝච්චියක” වසර ගණනක් සිටියද වෙනම වැඩෙන නිසා දෙවියන්වහන්සේ දෙන වරප්‍රසාද මගහැර ගත හැකිය. ඔවුන්ගේ ජීවිත දෙවියන්වහන්සේ සමග එකට ගෙතෙන විට විශාල ශක්තියක් සහ සමීපතාවයක් ඔවුන්ට ලැබෙන්නේය. ඔවුන්ගේ සම්බන්ධතාවය ශක්තිමත්ව වැඬේ. “තුන්පට ලණුවක් ඉක්මණින් නොකැඩෙන්නේය” (දේශනාකාරයා 4:12).

ගෘහ අලංකාර පැළ මෙන් විවාහ සහ මිතුරුකම්වලටද පෝෂණයක් අවශය වේ. මේ සම්බන්ධකම් පෝෂණයට ආත්මික ගෙතීමක් අවශය වේ. එවිට දෙවියන්වහන්සේ සෑම වැදගත් බැඳීමකම මධ්‍යයේ සිටින සේක. උන්වහන්සේ ප්‍රේමය අනුග්‍රහය අඛණ්ඩව සපයන්නාය. එකිනෙකා සමග එක්සත්ව ප්‍රීතියෙන් සිටීමට අපට වඩාත් අවශ්‍ය ඒවාවේ.