දශක හතරක් පමණ ඉන්දියානුවෙකු වියළි වැලි සහිත පාළුකරයක් නැවත ජීවනයට ගෙන ඒමට ක්‍රියාකර තිබේ. ඔහු ආදරය කළ ගං මැද දුපත පරිසර හානියට ගොදුරු වී විනාශ වී යන බව දැක බම්බු ගසක් සහ පුළුන් ගසක් වශයෙන් එක වරකට එක් ගසක් බැගින් පැළ කළේය. දැන් අක්කර 1300 ක් පමණ හරිත වර්ණ බහුල වනගත පදෙසක් එහි දක්නට ලැබේ. මෙම නැවත උත්පාදනය තමාගේම ක්‍රියාවක් නොවන බව ඔහු පවසයි. ස්වභාව ධර්මයේ සැළැස්ම ඔහු පිළිගනී. පොළොව මත සුළඟින්, පක්‍ෂීන් සහ සතුන් බීජ ව්‍යාප්ත කිරීමට හවුල් වෙති. ගංගාවන්ද ඒ කාර්යයට උපකාර වෙති.

මැවීම අපට අවබෝධ කර ගත නොහැකි පාලනය කළ නොහැකි ක්‍රමයකට ක්‍රියාත්මක වේ. දේව රාජ්‍යයටද මෙම ප්‍රතිපත්තිය අදාළ බව යේසුස්වහන්සේ කී සේක. “තවද…. දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි මනුෂ්‍යයෙකු විසින් පොළොවේ බීජ වැපිරීමට සමානය. …. ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළ වී වැඩෙන්නේය” (මාර්ක් 4:26-27). දෙවියන්වහන්සේ සුවයද ජිවනයද ත්‍යාග ලෙස ලොවට ගෙන එන සේක. අපගේ හැසිරවීමෙන් තොරව දෙවියන්වහන්සේ අපට කියන දෙය අපි කරමු. එවිට ජීවනය මතුවෙනවා අපි දකින්නෙමු. උන්වහන්සේගේ අනුග්‍රහයෙන් සියල්ල ගලා එන බව අපි දකිමු.

අපගේ විශ්වාසවන්ත උත්සාහයන් ඵල ගැන්වීමටත් කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කිරීමටත් අප වගකිව යුතු බව විශ්වාස කිරීමට අප පෙළඹේ. කෙසේ වෙතත් අප එවැනි දැඩි පීඩනයක් යටතේ ජීවත්වීමට අවශ්‍ය නැත. දෙවියන්වහන්සේ අපගේ සියලු බීජ වර්ධනය වීමට සළස්වන සේක. සියල්ල අනුග්‍රහයයි.