අබිංවලට ඇබ්බැහි වී සිටින අයට ප්‍රතිකාර කිරීමට සැන් ෆ්‍රැන්සිස්කෝහි සෞඛ්‍ය සේවකයෝ නිවාස නැති අය සොයා පාරට යති. මෙම වැඩ සටහන ආරම්භ වූයේ අබිං එන්නත් කරන පාරේ සිටින අයගේ වැඩිවීම නිසාය. සාමාන්‍යයෙන් වෛද්‍යවරු සායනයට ලෙඩුන් එනතුරු බලා සිටිති. සෞඛ්‍ය ප්‍රතිකර්ම ඔවුන් වෙත ගෙන යාම නිසා රෝගීන්ට ගමනාගමන අභියෝග හෝ වේලාව මතක තබා ගැනීමේ ප්‍රශ්න හෝ පැන නොනගී.

සෞඛ්‍ය සේවකයෝ අවශ්‍යතා ඇති අය වෙත යාමට දක්වන කැැමත්ත මට මතක් කරනන්නේ අපගේ අවශ්‍යතාවලදී යේසුස්වහන්සේ අප වෙත පැමිණි ආකාරයයි. යේසුස්වහන්සේගේ සේවයේදී උන්වහන්සේ සොයා ගියේ ආගමික නායකයන් ඉක්මණින් මගහැර ගිය අයයි. උන්වහන්සේ “පව්කාරයන් සහ බදු අයකරන්නන්” සමග ආහාර ගත් සේක (මාර්ක් 2:16). එසේ කරන්නේ ඇයි කියා ඇසූ විට උන්වහන්සේ කීවේ “වෙදෙකු අවශ්‍ය රෝගීන්ට මිස නිරෝගීන්ට නොවන” (17 පදය) බවය. උන්වහන්සේ තවදුරටත් කීවේ උන්වහන්සේගේ අභිලාෂය
පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයට පත් කර ගැනීම නොවන බවය.

අප සියල්ලෝ රෝගී බවත් අපට වෛද්‍යවරයෙකු අවශ්‍ය බවත් අප තේරුම් ගත් විට (රෝම 3:10) පව්කරුවන් සහ බදු අයකරන්නන් සමග කෑමට යේසුස්වහන්සේගේ කැමැත්ත අපට ත්රුම් ගත හැකිය. ඒ වෙනුවට සැන් ෆ්‍රැන්සිස්කෝහී සෞඛ්‍ය සේවකයන් මෙන් යේසුස්වහන්සේ අපව “පාරේ කණ්ඩායම” වශයෙන් පත් කළ සේක. ඒ අවශ්‍යතාවයෙන් සිටින අයට උන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩය දෙන පිණිසය.