“මේ පරම්පරාවන්ය” යන තම ග්‍රන්ථයෙහි බේ මහත් අඳුර පසා කර ගෙන යන භුභාරංචියේ බලය සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන විස්තර කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම නිසා ඔහුගේ සීයා, දෙමව්පියන් සහ ඔහුගේ පවුලේ අය පීඩා ලැබුවෝය. මිතුරෙකුට ශුභාරංචිය කීම නිසා බේව සිරකල විට මනහර දෙයක් සිදුවිය. ඔහුගේ ඇදහිල්ල වර්ධනය විය. ඔහුගේ දෙමව්පියන්ගේ ඇදහිල්ලටද එසේ විය. ඒ ඔවුන්ව වධකාගාරයකට දැමූ කාලයේදීය. ඔව්හු ඒ ස්ථානයෙහිත් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළෝය. යොහන් 1:5 හි සත්‍යතාවය බේට වැටහුණි. “ආලෝකය අන්ධකාරයෙහි බබළයි. අන්ධකාරයද එය ග්‍රහණය නොකෙළේය”.

ක්‍රිස්තුස්වහන්සේව අත්අඩංගුවට ගැනීමට සහ කුරුසිපත් කිරීමට පෙර ගෝලයන්ට පැමිණෙන කරදර ගැන උන්වහන්සේ ඔවුන්ට අනතුරු ඇඟවූ සේක. “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වන්න. මම ලෝකයෙන් ජයගතිමි” (33 පදය).

බේ මහතාගේ පවුලේ අය විඳි පීඩා බොහෝ කිතුණුවන් විඳ නැත. නමුත් අපට කරදරවලට මුහුණ පාන්න සිදුවනු ඇත. අප තිත්තකමට හෝ අධෛර්්‍යයට පත්වීමට හෝ අවශ්‍ය නැත. අපට උපකාර කරන්නෙක් සිටී. ඒ යේසුස් වහන්සේ අප වෙත එවීමට පොරොන්දුවූ ශුද්ධාත්මයාණන්ය. මගපෙන්වීම සහ සහනය පතා අපට උන්වහන්සේ වෙත හැරිය හැකිය (7 පදය). දෙවියන්වහන්සේගේ අභිමුඛයේ බලයට අඳුරු කාලයේදී අපව සෘජුව තැබිය හැකිය.