සමනළයා මාගේ මවගේ මල් පාත්තියට යමින් එමින් සිටියේය. දරුවෙකු වූ මා ඌ ඇල්ලීමට ආශා කළෙමි. මා මුළුතැන් ගෙට ගොස් වීදුරුවක් අතට ගතිමි. ආපසු යන්න මගේ ඉක්මන්කම නිසා පය පැකිළී කෝන්ක්‍රීටය මත මම ඇද වැටුණෙමි. වීදුරුව මගේ මැණික් කටුව යට බිඳුණි. විශාල කැපීමක් විය. ඊට මැහුම් 18 ක් දමන්න සිදුවිය. එම කැළල අදද මාගේ අතෙහි දැළඹූවෙක් මෙන් පෙනේ. තුවාලවීමේ සහ සුව වීමේ කථාවක් එය කියා පාන්නේය.

යේසුස්වහන්සේ තම මරණින් පසු ගෝලයන්ට ප්‍රකාශ වූ විට උන්වහන්සේගේ කැළැල් ඇතුවම ආ සේක. යොහන් කියන්නේ “උන්වහන්සේගේ අතෙහි ඇණ සලකුණු බලන්න” තෝමස්ට අවශ්‍ය වූ බවයි. යේසුස්වහන්සේ තෝමස්ට ඇරයුම් කරමින් “නුfඹි ඇඟිල්ල මෙහි දිගුකොට මාගේ අත් බලන්න. නුfඹි අත දිගුකොට මාගේ ඇලයෙහි තබන්න” (යොහන් 25:27) යයි කී සේක. උන්වහන්සේ එම යේසුස්වහන්සේම බව ප්‍රදර්ශනය කරන පිණිස උන්වහන්සේ එම කැළැල් සමගම මරණින් නැගිට්ට සේක.

යේසුස්වහන්සේගේ කැළැල් උන්වහන්සේ ගැළවුම්කරුවාණන් බව ඔප්පු කරයි. එසේම අපගේ ගැළවීමේ කථාන්දරය පවසයි. උන්වහන්සේගේ අත්, පාද සහ ඇළයේ ලකුණු එළිදරව් කරන්නේ සිදුවූ වේදනාව දරා ගැනීම සහ අප වෙනුවෙන් ලැබූ සුවයයි. උන්වහන්සේ එය කළේ අප උන්වහන්සේ වෙත නැවත ස්ථාපිත වී සම්පූර්ණ වන පිණිසය.