අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ශුද්ධවූ පැටි්‍රක්ගේ දේස්ථානයේ ඇති දොරක් සිය වස් පහක කථාවක් කියා පාන්නේය. 1492 දී බට්ලර් සහ ෆිට්ස්ජෙරල්ඞ් යන පවුල් දෙක අතර ප්‍රදේශයේ උසස් තානාන්තර දෙකක් නිසා ගැටුමක් ඇති විය. සටන උග්‍ර විය. බට්ලර් පවුලේ අය ආසන දෙව් මැදුරේ සැඟවුණෝය. ෆිට්ස්ජෙරල්ඞ් පවුලේ අය ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා එහි පැමිණී විට බට්ලර් පවුලේ අය භිය නිසා දොර විවෘත කළේ නැත. ඒ හෙයින් ෆිට්ස්ජෙරල්ඞ් පවුලේ නායකයා දොරේ කුහරයක් සාදා සමාදානය පිණිස තම අත දිගු කළේය. පවුල් දෙක සමගි වූහ. සතුරෝ මිතුරෝ වූහ.

කොරින්ති සභාවට ලියු ලිපියේ දෙවියන්වහන්සේ සතු සමගි තිරීමේ දොරක් ගැන පාවුල් දයාවෙන් ලියයි. උන්වහන්සේගේ පළමු පියවර වශයෙන් සහ අපරිමිත ප්‍රේමය නිසා මනුෂ්‍යයා සමග තිබුණු කැඩි බිඳී තිබු සම්බන්ධතාවය කුරුසියේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණින් පසු නැවත ස්ථාපිත සම්බන්ධතාවයක් බවට පත් විය. අපි දෙවියන්වහන්සේගෙන් ඉතා ඈත්වී සිටියෙමු. නමුත් උන්වහන්සේගේ දයාවෙන් උන්වහන්සේ අපව එතැන අත්හැරියේ නැත. උන්වහන්සේ සමග අපට සමගි කිටිම උන්වහන්සේ දුන්නේ “මනුෂ්‍යයාගේ පාප ඔවුන්ට විරුද්ධව ගණන් නොගෙනය” (2 කොරින්ති 5:19). “අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ටකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට” (21 පදය) සැළැස්වූ නිසා යුක්තිය ඉෂ්ට වුනි.

වරක් අප දෙවියන්වහන්සේගේ හස්තය සමාදානයෙන් ගත් විට එම පණිවුඩය අන් අයට ගෙන ඒමේ වැදගත් කාර්්‍යය අපට දෙනු ලැබේ. අප නියෝජනය කරන්නේ උන්වහන්සේව විශ්වාස කරන සෑම කෙනෙක්ටම සම්පූර්ණ සමාව සහ නැවත ස්ථාපිත කිරීම ලබා දෙන විශ්මිතවූ ප්‍රේමණීයවූ දෙවි කෙනෙකි.