දකුණු කැරොලිනාවේ විල්මින්ටන් හරහා ෆ්ලොරන්ස් සුළිකුණාටුව විනාශකාරී බලයකින් ගසා ගෙන යන විට මාගේ දියණිය නිවස අත්හැර යාමට තීරණය කළාය. ඇය අවසන් මොහොත දක්වා බලා සිටියේ කුණාටුව හැරී යනු ඇතැයි ඇය කල්පනා කළ නිසාය. දැන් ඇය කුමක් ගෙන යා යුතුදැයි තීරණය කිරීමට වැදගත් ලියකියවිලිද ඡායාරූප සහ වටිනා භාණ්ඩද තේරුවාය. “දාලා යන්න මෙතරම් අමාරු වේයයි මම සිතුවේ නැහැ” ඇය මට පසුව කීවාය. “නමුත් ඒ අවස්ථාවේදී මම නැවත එන විට කිසිවක් ඉතිරි වේ යැයි මම සිතුවේ නැහැ”.

ජීවිත කුණාටු විවිධ ආකාරයෙන් එති. සුළි කුණාටු, ටොරනෑඩෝ, භූමිකම්පා, ජල ගැලීම්, විවාහයේ හෝ දරුවන් හෝ ගැන නොසිතූ ගැටළු, සුවයේ හෝ ආර්ථිකයේ හෝ හදිසියේ නැතිවීම් යනාදියයි. අප ඉතා අගය කරන දේවල් මොහොතකින් නැතිවී යා හැකිය.

කුණාටු මධ්‍යයේ ආරක්‍ෂිතම ස්ථානය ගැන බයිබලය පෙන්වා දෙයි. “දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය. දුකේදී ඉතා ළංවූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස් වෙතත් මුහුද මැද පර්වත සැළෙතත්….” (ගීතාවලිය 46:1-2) අපි බිය නොවෙමු කියා බයිබලය පවසයි.

මෙම ගීතිකාවේ කර්තෘන් පරම්පරා ගණනාවකට පෙර දෙවියන්වහන්සේට සේවය කර පසුව කැරළි ගැසීම නිසා භූමිකම්පාවකට හසුවී මියගිය කෙනෙකුගේ පෙළපතින් පැවත එයි (ගණන් කථාව 26:9-11 බලන්න). ඔවුහු යටත්කමද දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සානුකම්පාව සහ මිදීමේ ප්‍රේමය ගැනද පැහැදිළි අවබෝධයක් පෙන්වන්නේය.

කරදර එති. නමුත් දෙවියන්වහන්සේ ඒවා අභිබවා සිටින සේක. ගැළවුම්කරුවාණන් වෙත දිව යන්නෝ උන්වහන්සේව සෙළවිය නොහැකි බව සොයා ගන්නෝය. උන්වහන්සේගේ සදාකාලික ප්‍රේමයේ දෑත්වල සමාදානයේ ස්ථානය අපි සොයා ගන්නෙමු.