පැහැර ගැනීමෙන් සතියකට පසු ඉතියෝපියානු පොලිසියට ඇය හමුවන විට කළු කේශර සහිත සිංහයන් තුන් දෙනෙකු ඇය වටා සිටියෝය. තමන්ගේම කෙනෙකු ලෙස උන් ඇයව ආරක්‍ෂා කළෝය. මිනිසුන් හත් දෙනෙකු දොළොස් හැවිරිදි දැරිය පැහැර ගෙන කැලයට ගෙන ගොස් ඇයට පහර දුන්හ. හාස්කමක් සිදු විය. සිංහයන් කිහිප දෙනෙකුට එම හඬ ඇසී දුවගෙන අවුත් පහර දෙන්නන් පළවා හැර ඇත. “අපට ඇය හමුවන තුරු උන් ඇයව ආරක්‍ෂා කර අපට තෑග්ගක් දෙන්නාක් මෙන් ඇයව තබා උන් කැලයට ගියහ” කියා පොලිස් සාජන් වොන්ඩිමු වාර්තා කරුවෙක්ට පවසා ඇත.

මේ තරුණියට පහර දුන් ලෙස නපුර සහ බලහත්කාරය අපටද පහර දෙන වෙලාවල් එන්නේය. කිසිදු බලාපොරොත්තුවක් නැතිව භිරාන්තවී අප තනිවිය හැකිය. පුරාණ කාලයෙහි යුදාහි සෙනග මෙය අත්දුටුවෝය. ඔවුන්ව කෲර හමුදා වට කළෝය. පැන යාම ගැන සිතීමටවත් නොහැකි වුනි. බිය ඔවුන් වෙලා ගත්තේය. කෙසේ වෙතත් තම සෙනග සමග ඇති නොවතින අභිමුඛය දෙවියන්වහන්සේ අලුත් කළ සේක. “ඉශ්‍රායෙල් රජුවූ ස්වාමින්වහන්සේ නුඹ තුළ සිටින සේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය” (ශෙපනියා 3:15). අපගේම කැරළිකාර කමින් අපගේ ඛේදවාචකයන් මතුවන විට දෙවියන්වහන්සේ අපගේ මිදීම උදෙසා පැමිණෙන සේක.
“නුfඹි දෙවිවූ ස්වමින්වහන්සේ නුඹ තුළ සිටින සේක. උන්වහන්සේ ගළවන්ට බලවත්වු තැනන්වහන්සේය” (17 පදය) යනුවෙන් අපි අසන්නෙමු.

කුමණ කරදර අපව යටපත් කර ගෙන ගියත් කුමණ නපුරක් අපව යටපත් කරතත් යුදාහි සිංහයා වන යේසුස් වහන්සේ අප සමගය (එළිදරව් 5:5). අපට කෙතරම් තනිකමක් දැණුනද අපගේ ශක්තිමත් ගැළවුම්කරුවාණන් අප සමගය. කුමණ බියක් අපට විරුද්ධව ආවද උන්වහන්සේ අප අසළ බව දෙවියන්වහන්සේ ස්ථිර කරන සේක.