කෙනෙකුට උපකාර කිරීමට ඔබට අවසානයට පෙළඹවීමක් පැමිණියේ කවදාද? ඒ මොහොත ප්‍රතිචාරයක් නොමැතිව ඉවත්ව ගියේද? “තත්පර 10 නීතිය යන පොතෙහි ක්ලෙයා ඩි ග්‍රාෆ් යෝජනා කරන්නේ දෛනික පෙඹවීම් අපට ගැඹුරු ආත්මික ගමනකට දෙවියන්වහන්සේ කැඳවන ක්‍රමයක් කියාය. ඒ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් මතුවූ කීකරුකමේ ජීවිතයකි. තත්පර 10 නීතිය අපව දිරිමත් කරන්නේ “යේසුස්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන බවට ඔබට සෑහෙන ස්ථිරකමක් ඇති දෙය කරන්න” කියාය. එසේම එය ඔබගේ මනස වෙනස් වීමට පෙර කරන්න කියාය.

“නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්‍ෂා කරන්න” (යොහන් 14:15) යයි යේසුස්වහන්සේ කියන සේක. “මම උන්වහන්සේට ප්‍රේම කරමි. නමුත් නිසියාකාරවම උන්වහන්සේගේ කැමැත්ත දැන මා එය අනුගමණය කරන්නේ කෙසේදැ”යි ඔබ සිතිය හැකිය. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් බයිබලයේ හමුවන ප්‍රඥාව හොඳින් තේරුම් ගෙන එය අනුගමණය කිරීමට අවශ්‍ය දෙය යේසුස්වහන්සේ දී තිබේ. උන්වහන්සේ වරක් ප්‍රකාශ කළේ “මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක. එ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය” (16-17 පද). අප සමගද අප තුළද සිටින ආත්මයාණන්ගේ ක්‍රියාවෙන් පමණක් යේසුස්වහන්සේට කීකරුවීම සහ උන්වහන්සේගේ ආඥා පැවැත්වීමට ඉගෙන ගත හැකිය (15 පදය). ඒ අපගේ දිනය පුරා අත් දකින පෙළඹවීම් වලට ප්‍රතිචාර දක්වමිනි (17 පදය).

විශාල සහ කුඩා දේවලදී ආත්මයාණන් අපව පොළඹවන්නේ ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ මහිමයට පත් කරන උන්වහන්සේට සහ අන් අයට ප්‍රේමය එළිදරව් කරන දේ කිරීමටය.