මාගේ මිතුරියට පිළිකාව ඇති බව දැන ගැනීමට ලැබුණු විට වෛද්‍යවරු ඇයට කීවේ ඇයගේ වැඩ පිළිවෙලකට සකස් කර ගන්න කියාය. ඇය හඬමින් මට කීවේ තම ස්වාමිපුරුෂයා සහ කුඩා දරුවන් ගැන කණගාටු වන බවයි. අපගේ අනිකුත් මිතුරන් සමග මම ඇයගේ යාච්ඤා ඉල්ලීම බෙදා ගත්තෙමි. වෙනත් වෛද්‍යවරයෙකු ඇයට බලාපොරොත්තු අත්හරින්න එපා. අවශ්‍ය සෑමදෙයක්ම ඔවුන් කරන බව ඇයට කී විට අපි සන්තෝෂ වූයෙමු. සමහර දිනයන් අනික් දිනවලට වඩා අසීරු වුවද ඇය දෙවියන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කළාය. ඇයට තිබු බාධා ගැන නොසිතුවාය. ඇය අත් හැරියේ නැත.

මාගේ මිතුරියගේ අඛණ්ඩ ඇදහිල්ල මට පෙන්නුම් කළේ ලුක් 8 හි සිටි බලාපොරොත්තු කඩවුණු ස්ත්‍රීයයි. වසර දොළහක් අඛණ්ඩ වේදනා කලකිරීම් සහ තනිකම මධ්‍යයෙහි ඇය යේසුස් වහන්සේගේ පසු පසින් පැමිණ උන්වහන්සේගේ දාවල්ලට අත ගැසුවාය. ඇයව ක්‍ෂණිකව සුව විය. ඇයගේ සුවයට හේතුවූයේ ඇයගේ ඇදහිල්ලේ ක්‍රියාවයි. අඛණ්ඩව බලාපොරොත්තු වෙමින් අන් අයට කළ නොහැකි දෙය යේසුස්වහන්සේට පුළුවන් බව දැන ඇයගේ තත්ත්වය කෙතරම් අසීරු වුවද ඇය ඇදහිල්ලෙන් සිටියාය (43-44 පද).

අපට අවසන් නොවන වේදනාවන්ද බලාපොරොත්තුවක් නැතැයි සිතෙන තත්වයන්ද ඉවසා ගත නොහැකි බලා සිටීම්ද අත් විඳීමට සිදුවෙනවා විය හැකිය. අපට ඇති බාධා ඉතා උසට පළලට තිබෙන අවස්ථා හමුවිය හැකිය. ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාසය තැබුවද අප බලාපොරොත්තු වන සුවය නොලැබිය හැකිය. එහෙත් යේසුස් වහන්සේ උන්වහන්සේ වෙතට එන මෙන් අපට ආරාධනය කරන සේක. බලාපොරොත්තුව අත් නොහරින්න කියාද උන්වහන්සේට සෑමවිටම හැකි බවද විශ්වාසය තැබිය හැකි බවද සෑම විටම අප අසළ සිටින බවද විශ්වාස කිරීමට උන්වහන්සේ අපට ආරාධනා කරන සේක.