මාගේ තුන් හැවිරිදි ඥාති දියණිය වන ජෙන්නාගේ මුහුණේ ඉරියව්වකට මාගේ සිත උණු නොවී තිබෙන්නේ නැත. ඇය යමකට ආශා කරන්නේ නම් : එය කෙසෙල් පුඩිමක් හෝ ක්‍රීඩාවට උඩ පැනීම හෝ පීරිසි අහසේ පා කිරීම හෝ යන කුමක් ගැන වුවත් ඇය ප්‍රකාශ කරන්නේ “මම එයට ප්‍රේම කරමි – මුලු ලෝකයම” කියායි. (මුලු ලෝකයම කියා කියන විට ඇය තම දෑත් දෙපසට විහිදුවයි).

කිසි දෙයක් තබා නොගෙන සම්පූර්ණයෙන්ම බියෙන් තොරව මා එලෙස ප්‍රේම කළේ කවදාදැයි මම සමහර විට කල්පනා කරමි.

දෙවියන්වහන්සේ ප්‍රේමයය කියා යොහන් නැවත නැවත ලියයි (1 යොමන් 4:8, 16). ඒ සමහර විට අපගේ කෝපය, බිය හෝ ලැජ්ජාව නොව දෙවියන්වහන්සේගේ ප්‍රේමය යතාර්ථයේ ගැඹුරුම අත්තිවරම වන හෙයිනි. වැඩිහිටියන්ට එය ලබා ගැනීම අපහසුය. අප වඩාත් බිය නොවන දේවල් වලට අනුව ලෝකය අපව කණ්ඩායම් වලට බෙදයි. අපද ඒවාට බැඳෙමු. අප කැමති දර්ශනයට සහ යතාර්ථයට අභියෝග කරන හඬවල් අපි මග හරිමු.

එහෙත් රැවටිලිකාරකම් සහ බල ගැටුම් මධ්‍යයෙහි (5-6 පද) දෙවියන්වහන්සේගේ ප්‍රේමය නැමති සත්‍යය පවති. ඒ අඳුරේ බබළන ආලෝකයක් ලෙසිනි. එය අපට යටහත්කමේ, විශ්වාසයේ සහ ප්‍රේමයේ මාර්ගය ඉගෙනීමට ආරාධනා කරයි (1:7-9, 3:18). ආලෝකය විසින් කෙතරම් වේදනාකාරී සත්‍යයන් එළිදරව් කළද අපට තවමත් ප්‍රේමය ලැබෙන බව අපට දැනගත හැකිය (4:10, 18; රෝම 8:11).

ජෙන්නා මා අසළට පැමිණ “මම ප්‍රේම කරමි – මුලු ලෝකයම” කියා මුමුණන විට මම මුමුණන්නේ “මම ඔයාට ආදරෙයි – මුලු ලෝකය” කියාය. මා අසීමිත ප්‍රේමයෙන් සහ කරුණාවෙන් සෑම මොහොතකම වටවී ඇති බව මතක් වීම ගැන මම තෘතඥ වෙමි.