එය හත්වන වසරේ සිසුන්ගේ ගම හරහා දිවීමේ තරඟය විය. නමුත් ඇය දිවීමට අකමැති වූවාය. මේ වෙනුවෙන් ඇය සුදානම් වුවද තමාට බැරිවේ යැයි ඇය සිතුවාය. කෙසේ වෙතත් ඇය අන් සියලු දෙනා සමග තරඟය ආරම්භ කළාය. පසුව අකමැති වූ ක්‍රීඩිකාව හැර අනෙක් එකිනෙක ක්‍රීඩිකාව සැතපුම් දෙකක් වූ පථය අවසන් කරමින් දිණුම් කණුව පසු කළහ. අවසානයේ තමාගේ දියණිය අවසන් කරන තෙක් බලා සිටි ඇගේ මව ඈතින් තනිව කවුදෝ දිව එනවා දුටුවාය. ඇගේ මව අවසන් ස්ථානය වෙත ගියේ බලාපොරොත්තු සුන්වූ ක්‍රීඩිකාව සනසන පිණිසය. යෞවන ක්‍රීඩිකාව ඇගේ මව දුටු කෙණෙහිම “එය විශ්මිතයි” කියා මොර ගැසුවාය.

අවසානයට පැමිණිම මොන විශ්මයක්ද? නමුත් අවසන් කිරීමම විශ්මයකි.

යෞවනිය අසීරු දෙයක් උත්සාහ කර එය අවසන් කළාය. බයිබලය අමාරු වැඩ සහ උත්සාහයට ගරු කරයි. එම සංකල්පය ක්‍රීඩා, සංගීතය, අල්ලා ගෙන සිටීම සහ උනන්දුව අවශ්‍ය අනිකුත් දේවලින් අපි ඉගෙන ගනිමු.

හිතෝපදේශ 12:24 පවසන්නේ “කඩිසර අයගේ අත ආණ්ඩු කරන්නේය. එහෙත් අලසයෝ දාස වැඩට යටත් වන්නෝය” යනුවෙනි. පසුව අප කියවන්නේ “සියලු වැඩ වලින් ලාභ උපදියි. එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය” (14:23) කියාය. මෙම ණැනවත් ප්‍රතිපත්ති – පොරොන්දු නොවේ – දෙවියන් වහන්සේට හොඳින් සේවය කිරීමට අපට උපකාරී විය හැකිය.

දෙවියන්වහන්සේ අපට තබා ඇති සැලැස්මට සැමවිට වැඩ ඇතුළත් විය. වැටීමට පෙර ආදම් උයනේ වැඩකර එය බලා ගත යුතු විය (උත්පත්ති 2:15). එසේම අපගේ සියලු උත්සාහයන් “සම්පූර්ණ සිතින්” (කොලොස්සි 3:23) විය යුතුය. උන්වහන්සේගේ ශක්තියෙන් අපි වැඩ කර ප්‍රතිඵල උන්වහන්සේට භාර කරමු.