“යාච්ඤා මිය නොයන්නේය”. ඒ ඊ.එම්.බවුන්ඞ්ස්ගේ (1835-1913) වදන් කිහිපයකි. යාච්ඤාව ගැන ඔහුගේ සම්මානනීය ලියවිලි පරම්පරා ගණනාවක් සෙනගව ජ්වලිත කර කිබේ. යාච්ඤාවේ බලය සහ නොනවතින ගුණය ගැන වචන තවදුරටත් පවසන්නේ “එම යාච්ඤා කළ තොල් දැන් මරණයට පත් වූවා විය හැකිය. එම හදවත් නැවතී ගියා විය හැකිය. නමුත් එම යාච්ඤා දෙවියන්වහන්සේ ඉදිරියෙහි තවම තිබේ. දෙවියන්වහන්සේගේ හදවත ඒ කෙරෙහි ඇත. යාච්ඤාවන් ඒවා කළ අයගේ ජීවිතවලට එහා යයි. ඒවා පරම්පරා පසුකර පවතී. යුගයන් පසුකර යති. ලෝකයද පසුකර යති” යනුවෙනි.

ඔබගේ යාච්ඤා – විශේෂයෙන් අසීරුතා වේදනා සහ පීඩා තුල ඇතිවූ යාච්ඤා දෙවියන්වහන්සේ වෙත කවදා ගියාදැයි ඔබ කල්පනා කරනවාද? බවුන්ඞ්ස්ගේ පැහැදිලි වචන අපට මතක් කරන්නේ අපගේ යාච්ඤාවල වැදගත්කමය. එළිදරව් 8:1-5 ද එසේමය. එහි පසුබිම වන්නේ දෙවියන්වහන්සේගේ සිංහාසනය සහ විශ්වයේ පාලක මැදිරිය වන ස්වර්ගයයි (1 පදය). දේවදුත සහයකයෝ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සිටින්නෝය (2 පදය). එක් දේවදුතයෙකු පරණ ගිවිසුමේ පූජකයන් මෙන් දෙවියන්වහන්සේගේ “සියලු සෙනගගේ යාච්ඤා” සමග උන්වහන්සේට සුවඳ දුම් ඔප්පු කරයි (3 පදය). මෙලොව කෙරෙන යාච්ඤා ස්වර්ගයට යෑම පිළිබඳ මෙම දර්ශනය කොතරම් දෑස් විවෘත කරන්නක්ද? (4 පදය). අපගේ යාච්ඤා අතරමග නැතිවී යයි හෝ අමතක වී යයි හෝ සිතන විට අප දකින දේවල් නොකඩවා යාච්ඤා කිරීමට අපව පොළඹවන්නේය. අපට සහනයක් දෙන්නේය. මක්නිසාද අපගේ යාච්ඤා දෙවියන්වහන්සේට අනර්ඝ නිසාය.