අතුපතර මතට රූරා වැටෙන ලාවා බිංදුවල ශබ්දය හැර වෙන ශබ්දයක් ඇසෙන්නේ නැත. වැසියෝ දුක්බර මුහුණින් විශ්මිතව බලා සිටිති. බොහෝ දිනවල ඔව්හු මෙයට “පාරාදීසය” යයි කියති. මේ දිනයේ හාවායිහි පූනාහි ගිනිමය ලාවා ධාරාවන් අපට මතක් කරන්නේ දෙවියන්වහන්සේ මර්ධනය කිරීමට නොහැකි ලාවා බලය කරණකොට ගෙන මෙම දුපත් ගොඩ නැගූ බවයි.

පැරණි ඉශ්‍රායෙල්වරුද මර්ධනය කළ නොහැකි බලයකට මුහුණ දුන්හ. දාවිත් රජු ගිවිසුම් පෙට්ටිය නැවත ලබා ගත් පසු (2 සාමුවෙල් 6:1-4) සැමරීමක් ඇරඹුණි (5 පදය). එසේ වූයේ බිමට වැටෙන්න ගිය ගිවිසුම් පෙට්ටිය කෙළින් කිරීමට ගිය මිනිසෙකු මැරී වැටුණු විටය (6-7 පද).

දෙවියන්වහන්සේගේ ක්‍රියා ගිනිකන්දක් මෙන් අස්ථිර යයි සිතීමට අපට පෙළඹවීමක් ඇති විය හැකිය. මවන්නාක් මෙන්ම උන්වහන්සේ විනාශද කරන්නේ යයි අපට සිතිය හැකිය. කෙසේ වෙතත් දෙවියන්වහන්සේට නමස්කාර කිරීම පිණිස වෙන් කරන ලද දේවල් පරිහරණය කිරීම කෙසේ කළ යුතුදැයි දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට කියා දී තිබුණු බව මතක් කර ගැනීමට උපකාර වන්නේය (ගණන් කථාව 4). දෙවියන්වහන්සේට ළඟාවීමේ වරප්‍රසාදය ඉශ්‍රායෙල්වරුන්ට තිබුණි. නමුත් නොසැළකිලිමත් ලෙස උන්වහන්සේට ළංවීමට උන්වහන්සේගේ අභිමුඛය බලවත් වැඩිය.

හෙබ්‍රෙව් 12 අපට මතක් කරන්නේ දෙවියන්වහන්සේ මෝසෙස්ට දසපනත දුන් ගිනිගෙන දැවෙන කන්දයි. එම කන්ද සියල්ලන් තුළ බිය ජනිත කළේය (18-21 පද). නමුත් ලේඛකයා එම දර්ශනය සංසන්දනය කරන්නේ “නුඹලා ළඟාවී සිටින්නේ ….. අලුත් ගිවිසුමේ මැදහත්කාරවූ යේසුස්වහන්සේ වෙතය” (22-24 පද) කියාය. උන්වහන්සේගේ මර්ධනය කළ නොහැකි නමුත් අපට ප්‍රේම කරන පියාණන් වෙතට ලඟාවීමට මාර්ගයක් දෙවියන්වහන්සේගේම පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ අපට සාදා දුන් සේක.