නිව්යෝර්ක් නගරයට ගිය ගමනකදී නේට් සහ ෂෙරිලින් ඔවුන් නැවතුණු ඔමකාසේ හෝටලයට ආශා කළහ.
“ඔමකාසේ” යනු ජපන් වචනයකි. එහි අර්ථය “මම ඔබට එය භාර කරමි” යනුයි. එනම් : එවැනි හෝටල් වලට යන අය ප්‍රධාන සූප වේදියාට තමාගේ ආහාරය තේරීමට භාර කිරීමය. එවැනි ආහාරයක් ගන්නේ පළමු වරට වුවද එය අවදානම් සහිත වුවද සුපවේදියා තේරූ ආහාරය ඔවුන්ගේ සිත් ගත්තේය.

අපගේ යාච්ඤා ඉල්ලීම් සම්බන්ධයෙන් අප දෙවියන්වහන්සේ ගැන දරණ ආකල්පයටද එය අදාළ විය හැකිය.
“එය ඔබවහන්සේට භාරයි”. යේසුස්වහන්සේ බොහෝ විට පාළු ස්ථානවලට යාච්ඤා කිරීමට යන බව ගෝලයෝ දුටුවෝය (ලුක් 5:16). ඒ හෙයින් ඔව්හු එක් දිනක් තමන්ට යාච්ඤා කිරීමට උගන්වන්න යැයි යේසුස්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට දෛනික අවශ්‍යතා, සමාව දීම සහ පරීක්‍ෂාවන්ගෙන් පිටතට ඒමේ මාර්ග ඉල්ලා යාච්ඤා කරන ලෙසට කී සේක. එසේම උන්වහන්සේගේ යෝජනාවලින් කොටසක් වූයේ යටහත් වීමේ ආකල්පයය : ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” (මතෙව් 6:10).

දෙවියන්වහන්සේ අපගේ සිතෙහි ඇති දේවල් දැනගැනීමට කැමති නිසා අපගේ අවශ්‍යතා දෙවියන්වහන්සේට කීමට අපට පුළුවන. ඒවා සැපයීමට උන්වහන්සේ කැමතිය. නමුත් අපි මනුෂ්‍යයන් නිසාත් සීමිත නිසාත් අපි හොඳම දෙය කුමක්දැයි බොහෝ විට නොදනිමු. එසේ හෙයින් උන්වහන්සේට භාර වෙමින් යටහත් සිතින් ඉල්ලීම සුදුසු වන්නේය. උන්වහන්සේ විශ්වාසවන්ත බැවින් අපට සුදුසුම දෙය සුදානම් කරාවිය යන සහතිකයෙන් පිළිතුරු උන්වහන්සේට භාර කළ හැකිය.