2015 දී එක් කාන්තාවක් තම මියගිය සැමියා සතුව තිබූ පරිඝණකයක් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දුන්නාය. මෙම පරිඝණකය 1976 දී නිපදවනු ලැබූවකි. නමුත් වඩාත් වැදගත් වන්නේ එය සෑදු වර්ෂය නොව සෑදු තැනැත්තාය. එය ඇපල් පරිඝණකය සොයා ගත් ස්ටීව් ජොබ්ස් විසින් අතින්ම සාදන ලද පරිඝණක 200 න් එකක් විය. එහි වටිනාකම ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන කාලකටය. සමහර විට යමක වටිනාකම දැන ගැනීමට නම් එය සෑදු කෙනා දැනගත යුතුවේ.

අපව මැව්වේ දෙවියන්වහන්සේ බව දැන ගැනීමෙන් උන්වහන්සේට අපව කෙතරම් වටින්නේදැයි පෙන්නුම් කරන්නේය (උත්පත්ති 1:27). ගීතාවලිය 136 උන්වහන්සේගේ සෙනගගේ එනම් පුරාණ ඉශ්‍රායලයේ ප්‍රධාන අවස්ථා ලැයිස්තු ගත කරයි. ඔවුන් මිසරයෙන් නිදහස් වූ හැටි (11-12 පද) වනාන්තරය මැදින් ගිය හැටි (16 පදය) කානාන්හි අලුත් දේශයක් ලැබූ හැටි (21-22 පද) ඉන් සමහරකි. ඉශ්‍රායලය ගැන සඳහන් වන වාරයක් වාරයක් පාසා “උන්වහන්සේගේ ප්‍රේමය සදහටම පවතින්නේය” යන වැකි කඩ සඳහන් වේ. මේ වැකිකඩ ඉශ්‍රායෙල් සෙනගට මතක් කළේ ඔවුන්ගේ අත්දැකීම් අහම්බෙන් සිදුවූ දේවල් නොවන බවය. දෙවියන්වහන්සේ ඒ සියල්ලම සූක්‍ෂමව සැළසුම් කර තිබු අතර එයින් පිළිඹිබු වන්නේ උන්වහන්සේ මැවූ අය කෙරෙහි උන්වහන්සේ තුළ ඇති ප්‍රේමයයි.

බොහෝ විට දෙවියන්වහන්සේගේ ක්‍රියා පෙන්වන මොහොතවල් සහ උන්වහන්සේගේ කරුණාවේ ක්‍රියාවල් ගැන මම වැඩිදුර නොසිතන්නෙමි. මා මැවු සහ මට ප්‍රේම කරන මාගේ ස්වර්ගීය පියාණන්ගෙන් සියලු සම්පූර්ණ දීමනාවක්ම පැමිණෙන බව තේරුම් නොගතිමි (යාකොබ් 1:17). අපගේ ජීවිතයේ සැම ආශිර්වාදයක්ම අප වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ සදහටම පවතින ප්‍රේමය සහ සම්බන්ධ කිරීමට ඔබත් මමත් ඉගෙන ගනිමු.