උසස් පාසැලේ සිටින කාලයෙහි මට “සමහර විට මිතුරෝ” සිටියෝය. සභාවේදී අපි යහළුවන්ය. පාසැලෙන් පිටත ඉඳහිට අපි ආශ්‍රය කළෙමු. නමුත් පාසැලේදී එය වෙනත් කථාවක් විය. ඇය තනියෙන් මා මුණ ගැසුණු විට
“හලෝ” කියයි. ඒ කව්රුවත් වට පිට නැතිනම්ය. එය දැන සිටි නිසා මම පාසැල තුළදී ඇයගේ අවධානය ගැනීමට තැත් කළේ ඉඳහිටය. අපගේ මිතුරුකමේ සීමා මම දැන සිටියෙමි.

එක් පක්‍ෂයක හෝ පටු මිතුරකම්වල වේදනාව අප සියල්ලෝම වාගේ දනිමු. නමුත් වෙනත් ආකාරයක මිතුරුකමක් තිබේ. එය සීමාවන් පසුකර යන්නේය. ඒ එක සමාන ආකල්ප ඇති ඇය සමග තිබෙන මිතුරුකමය. ඔව්හු ජීවිත ගමන අප සමග බෙදා ගැනීමට කැමති අයය.

දාවිත් සහ යොනාතන් එවැනි මිතුරන් වූහ. යොනාතන් දාවිත් සමග එක ආත්මයෙන් බැඳී තමාට මෙන් ඔහුටද ප්‍රේම කළේය (1 සාමුවෙල් 18:1-3). තම පියාවන සාවුල්ගේ මරණින් පසු යොනාතන්ට රජකම ලැබීමට තිබුණි. එහෙත් ඔහු දෙවියන්වහන්සේ තෝරාගත් තැනැත්තා වන දාවිත්ට ලෙන්ගතු විය. සාවුල් දෙවරක් දාවිත් මැරීමට සැළසුම් කළත් දෙවරම යොනාතන් දාවිත්ට පලා යාමට උදව් කළේය (19:1-6; 20:1-42).

යොනාතන් සහ දාවිත් බොහෝ බාධක මධ්‍යයෙහි මිතුරෝව සිටියෝය. ඔව්හු හිතෝපදේශ 17:17 හි සත්‍යය සනාථ කළෝය. “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේම වන්නේය”. ඔවුන්ගේ විශ්වාසවන්ත මිතුරුකම දෙවියන්වහන්සේ සහ අප අතර ඇති සම්බන්ධතාවය පෙන්නුම් කරන්නේය (යොහන් 3:16; 15:15). ඔවුන්ගේ මිතුරුකම තුළින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන අපගේ දැනුම ගැඹුරු වන්නේය.